IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාපැදි සොරා ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

සොරා ගත් පාපැදි 170 ක් සමග මට්ටක්කුලිය සමගිපුර ප්‍රදේශයේ නිවසකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර  කොට්ඨාස විමර්ශන අංශය කියයි.

එම පාපැදිවල වටිනාකම රුපියල් ලක්ෂ 35 ක් පමණ වේ යැයි පොලිසිය කියයි. මෙම පාපැදි තොගය දිවයිනේ පොලිසියකින් එකවර සොයාගත් වැඩිම පාපැදි  තොගය බව පොලිසිය සඳහන් කරයි.

මට්ටක් කුලිය සමගිපුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය  ජාවාරමේ යෙදෙන පුද්ගලයකු  මත්ද්‍රව්‍ය  වලට ඇබ්බැහි වූවන් සොරාගෙන ඔහු වෙත රැගෙන එන ලද පාපැදි ඉතා අඩු මුදලට රැගෙන  විකුණන බවට කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද රහසිගත තොරතුරකට අනුව  නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගෙන නිවස තුළ සිදු කළ පරික්ෂාවේදී ඒ තුළ ගබඩා කර තිබූ පාපැදි තොගය සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.



අදහස් (0)

පාපැදි සොරා ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site