IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාප්තුමා ඉන්දුනීසියාවට

ආසියානු සංචාරයක් ආරම්භ කළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට පැමිණියේය. 

වතිකානයේ සිට විශේෂ ගුවන් යානයකින් ජකර්තා අගනුවර ‘සෝකර්නෝ හත්තා’ ගුවන් තොටුපොළට පැමිණි 87 හැවිරිදි පාප්තුමන් සහ ඔහුගේ කණ්ඩායමට ඉන්දුනීසියානු රජයෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන් කණ්ඩායමක් ද සුපුරුදු පරිදි පාප්තුමන් සමඟ මෙම ආසියානු සංචාරයට එක් වී සිටී.

පාප්තුමන් ඉන්දුනීසියා සංචාරයට පැමිණියේ ඉන්දුනීසියා රජයේ විශේෂ ඇරැයුමකට අනුවය.

පාප්තුමන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක් පවා පැවැත්වෙයි.

ඉන්දුනීසියාවේ ඉස්ලාම් බැතිමතුන් ගණන සියයට 87 කි. ක්‍රිස්තියානුවන් ගණන සියයට 10 කි. 

සර්ව ආගමික සමගිය පිළිබිඹු කරමින්, පාප්තුමන් ජකර්තා අගනුවර ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය සහ කතෝලික දේවස්ථානය යා කරමින් ඉදිකර ඇති උමං මාර්ගය ද පාප්තුමාගේ නිරීක්ෂණයට ලක්වනු ඇත.

මෙම උමං මාර්ගය නම් කර ඇත්තේ මිත්‍රත්වයේ උමඟ යනුවෙනි. 

ඉන්දුනීසියානු සංචාරයෙන් පසු පාප්තුමන් නැගෙනහිර ටිමෝර් රාජයයේ, සිංගප්පූරුවේ සහ පැපුවා නිව් ගිනියාවේ සංචාරය කරනු ඇතැයි පැවැසෙයි. ඒ ඉදිරි දින 10 ක කාලය පුරාවටය.

ආගමික සහජීවනය කෙරෙහි අවධානය යොමු කරමින්, කාලගුණ විපර්යාස සහ ගෝලීය උණුසුම ඉහළ යෑම සම්බන්ධයෙන් ලෝ වැසියන්ගේ අවධානය යොමු කිරීමට ද පාප්තුමෝ බලාපොරොත්තු වෙති.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

පාප්තුමා ඉන්දුනීසියාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 180 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site