ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප්තුමන් රෝමයේ රෝහලකදී උදරයේ සැත්කමකට භාජන කළ බවත්, සැත්කම සාර්ථක වූ බවත් වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
සැත්කමින් පසු 84 හැවිරිදි පාප්තුමන්ගේ තත්ත්වය යහපත් බවත්, එතුමන් වෛද්‍ය අධීක්ෂණය යටතේ දින කීපයක් රෝහලේ සිටිනු ඇති බවත් වතිකාන ප්‍රකාශක මැතියෝ බෲනී පවසා ඇත.
මහ බඩවැලේ අග සිහින් වීමක් හේතුවෙන් සැත්කම කළ බවත්, සැත්කම කළේ සාමාන්‍ය නිර්වින්දන තත්ත්වයක් යටතේ බවත් වතිකාන ප්‍රකාශකයා පැහැදිලි කර ඇත. එය හදිසියේ කළ සැත්කමක් නොවන බවත්, සති කීපයකට පෙර සැත්කමට දින නියම කරගෙන තිබුණු බවත් මැතියෝ බෲනී වැඩි දුරටත් පවසා ඇත.
පසුගිය කාලය පුරාවට පාප්තුමන් බඩ පුරවා දැමීම, වරින් වර ඇතිවන උදර වේදනා සහ මලපහ කිරීමේ අසීරුතාවලින් පීඩාවට පත් වී සිටියේය. සැත්කමක් කළ යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කළේ ඒ අනුවය.
2013 වසරේ පාප් ධුරයට පත්වීමෙන් පසු, ෆ්‍රැන්සිස් පාප්තුමන් රෝහල්ගත කළ පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙයි. පාප්තුමන් සැත්කමට භාජන කළේ ඊයේ (4) සවස ජෙමේලි ශික්ෂණ රෝහලේදීය.
පාප්තුමන් රෝහල්ගත කිරීමත් සමඟ වතිකාන ආරක්ෂක අංශ රෝහලට විශේෂ ආරක්ෂාවක් සැපැයීමට ද කටයුතු කළේය. පාප්තුමන් ප්‍රතිකාර ලබන වාට්ටුවට ඔහුගේ වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් හැර වෙන කිසිවකුට යෑමට අවසර නොලැබෙන බව ද පැවැසෙයි.
පාප්තුමන් මෙම උදරේ රෝගී තත්ත්වයෙන් පීඩා විදීමට පටන් ගත්තේ 2014 වසරේ සිටය.
එම රෝගී තත්ත්වය හේතුවෙන් විදෙස් සංචාර සහ ආගමික කටයුතු බොහොමයක් සීමා කිරීමට ද පාප්තුමන්ට සිදුවුණු බව වතිකානය වැඩි දුරටත් පවසා ඇත. කොන්දේ කැක්කුමකින්, දෙපාවල වේදනාවකින් ද පාප්තුමන් පීඩා විඳින බව ද පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
690
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2359
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාප්තුමන්ට සැත්කමක්
jusey Monday, 05 July 2021 03:28 PM
සර්වබලධාරි දෙවියන්ගේ ජීවමාන නියෝජිතයා හැටියට ලෝකවාසී ජනතාව අත දිගුකරමින්, විශේෂ යාඥා දේව මෙහෙයවල් තුළින් ලෙඩරෝග සුවපත් කළත් එයාගේ ලෙඩ ටික සුවකර ගන්න රෝහලකට යනවා..හරි පුදුමයි නේද? !!!
josuwaMonday, 05 July 2021 05:46 PM
දේව සංකල්ප ගැන යල්පැනලා ගොඩක් කල්... දැන්, ගොඩක් තරුණ පරපුර අම්මාගෙන්, තාත්තාගෙන් හෝ පරම්පරාවෙන් හම්බවෙන හින්දා ආගම් අදහන්නේ නෑ. තේරුම් ගැනීමට ශක්තියක් තියෙන පිරිස තරක කරමින් සත්‍යය සොයනවා. දේව ආගම් තර්ක ඉදිරියේ අසරණයි.