
(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු)
රජය වැට් බද්ද ඉහළ දැමුවද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල වැඩි නොකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.
සියයට 15 ක්ව පැවති වැට් බද්ද සියයට 18 දක්වා හෙට සිට වැඩි කිරීම හේතුවෙන් බේකරි කර්මාන්තයට හා බේකරි හිමියන්ට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ද පැවසූ ඔහු මේ නිසා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරිමට සිදු වී ඇතැයි ද කීය.
එහෙත් දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත් වන රටේ ජනතාව ගැන සිතා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදැමීමට තීරණය කළ බවත් වැට් බද්ද වැඩි කිරීම හේතුවෙන් සිදු වන විශාල පාඩුව බේකරි හිමියන් දරා ගන්නා බවද සඳහන් කළේ ය.
විශේෂයෙන් වැට් බද්ද වැඩි කිරීම හේතුවෙන් බේකරි කර්මාන්තයට හා බේකරි හිමියන්ට එල්ල වන විශාල පාඩුව පිළිබඳව රජය සමග සාකච්ඡා කර විසදුමක් ලබා ගන්නා බවද සංගමයේ සභාපති ජයවර්ධන මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
133
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාන් - බනිස් මිල වැඩි නොවේ
ලසන්ත Monday, 01 January 2024 07:41 AM
මිල වැඩිනොකර පාඩු පියවීමට බරටම පුළුවන්
Rohan Monday, 01 January 2024 11:47 AM
පාන් - බනිස් මිල වැඩි නොවේ,,,,, පාන් - බනිස් ප්‍රමානය අඩූ වේ...