IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


‘පන්සල්වල දේශපාලනය කළ අය පන්සල්වලට කළ දෙයක් නෑ’

(නිමල කොඩිතුවක්කු)

පන්සල් සහ භික්ෂුන් වහන්සේ යොදා ගනිමින් තම දේශපාලනයේ නිරත වූ පිරිස් පන්සල් සහ භීක්ෂූන් වහන්සේ වෙනුවෙන් සිදුකළ කිසිවක් නැතැයි කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා පැවැසීය.

මහනායක හිමිවරුන් බහැ දැකීම සඳහා තුටු පඩුරු රැගෙන ගියත් සමස්ත භික්ෂූන් වෙනුවෙන් සහ බුද්ධ ශාසනය නගා සිටුවීම වෙනුවෙන් ඔවුන් කළ කිසිවක් නොමැති බවත් කී මන්ත‍්‍රීවරයා එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ රට ජාතිය නගා සිටුවීම සඳහා විශාල වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක බවත් සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේ අද (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා මෙසේද කීය.

 ‘‘මේ දවස්වල ආයෙත් ඇමෙරිකානු මැදිහත්මක්, ඇමරිකන් කුමන්ත‍්‍රණයක් ඇමෙරිකා ගිවිසුම් ගැන කියමින් විමල් වීරවංශ මහත්තයා ඇතුළු පිරිසක්  ආයෙත්  තලු මරනවා. මැක්කෙකුට බල්ලෙක් නැතුව ගමනක් යන්න බෑ වගේ ඒ අයට මේ රටේ  ජාතිවාදය අවශ්‍යයි. ඒ වෙනුවෙන් මේ අයට හැම තිස්සේම විදේශීය බිල්ලන් අවශ්‍යයි.

ඇමෙරිකාව සමඟ මේ ඇක්සා ගිවිසුම අත්සන් කළේ 2007 වසරේදී ඇමෙරිකානු පුරවැසියන් දෙදෙනෙකු විසිනුයි. ඒ අනුව රොබෙට්  ඕ බ්ලේක්  කියන පුද්ගලයා සහ ගෝඨාභය රාජපක්ෂ කියන  මේ ඇමෙරිකානු පුරවැසියන් දෙදෙනා තමයි මේ ගිවිසුම අත්සන් කළේ. දැන් මේ කරලා තියෙන්නේ මේ ගිවිසුම නැවත බලගැන්වීමක් විතරයි.

දැන් අපේ රජය යටතේ සියලූම භික්ෂූන් වහන්සේ රක්ෂණය කිරිමට පියවර  ගෙන තිබෙනවා. ඒ අනුව 40,000 කට ආසන්න භික්ෂුන් වහන්සේට මෙහි ප‍්‍රතිලාභ හිමිවෙනවා. අපේ දේහපාලඥයෝ  මේ මහා සංඝ  රත්නය පාවිච්චි කරමින් ඔවුන්ගේ පිටේ නැගලා තමන්ගේ දේශපාලන ගමන ගියා මිසක් මහා සංඝ රත්නයට දුන්නු දෙයක් නැහැ.

සමහර වෙලාවට  මහානායක හිමිවරු බැහැ දකින්න තුටු පඩුරු,  කඳමලූ එල්ලාගෙන  ගියා මිසක් මේ රටේ සමස්ත භික්ෂු පරපුර වෙනුවෙන්  මේ අය කරපු දෙයක් නැහැ. අපේ රජය යටතේ පන්සල් සහ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් විශාල වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරගෙන යනවා. මේ භික්ෂු රක්ෂණයත් එහි එක් පියවරක්’’ යැයිද මන්ත‍්‍රීවරයා එහිදී පැවැසීය.

ඡායාරූප - චතුර එස්. කොඩිකාර



අදහස් (0)

‘පන්සල්වල දේශපාලනය කළ අය පන්සල්වලට කළ දෙයක් නෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site