IMG-LOGO

පන්සල්ගොඩැල්ල සිසුන්ට නාවික හමුදාවෙන් අලුත් පාසලක්

(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)

නාවික හමුදා මූල්‍ය සහ ශ්‍රම දායකත්වයෙන් අළුත්වැඩියා කළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ, පන්සල්ගොඩැල්ල ප්‍රාථමික විද්‍යාලය නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිසු අයිතියට පත්කළේය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වැනි සංවත්සරයට සමගාමීව අඩු පහසුකම් සහිත පාසල් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ නැගෙනහිර නාවික විධානය පන්සල්ගොඩැල්ල ප්‍රාථමික විද්‍යාලයේ අඩක් නිම කළ පංති කාමර ගොඩනැගිල්ල, පුස්තකාල ගොඩනැගිල්ල සහ නව රැස්වීම් ශාලාවේ වැඩ කඩිනමින් අවසන් කළේය.

 මෙම විවෘත කිරීමට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චන්දිමා උළුගේතැන්න මහත්මියගේ සම්බන්ධීකරණයෙන් එම විද්‍යාලයේ සිසු දරුවන් පිරිසකට පාසල් උපකරණ කට්ටල ද පිරිනැමීය.
මෙම සමාජ සත්කාර ව්‍යාපෘතිය යටතේ දිවයිනේ අඩු පහසුකම් සහිත පාසල් ගණනාවක් නාවික හමුදාවේ මැදිහත්වීමෙන් සංවර්ධනය කෙරෙමින් පවතී.

එම අවස්ථාවට නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වයි. එන්. ජයරත්න, නාවික හමුදාධිපතිගේ නාවික සහායක සහ නාවික හමුදා පාසල් සංවර්ධන ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ නිලධාරී කොමදෝරු සුජීව සෙනවිරත්න, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චන්දිමා උළුගේතැන්න සහ එම විද්‍යාලයේ විදුහල්පති ආර්.ආර්.එම්.එන. රාජපක්ෂ මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 



අදහස් (3)

පන්සල්ගොඩැල්ල සිසුන්ට නාවික හමුදාවෙන් අලුත් පාසලක්

ja Friday, 09 July 2021 02:22 PM

මේ රටේ හැමදේටම හමුදාව ඕනේ... ඒ මිනිස්සු හැමදේම මහන්සිවෙලා ලස්සනට කරලා දෙනවා. මොකටද අපි ඔය 225 තියන් ඉන්නේ...?

:       26       162

nihal Saturday, 10 July 2021 01:36 AM

කාලකණ්ණි 225... සාපවේවා..!!!

:       0       0

nimal Saturday, 10 July 2021 09:26 AM

ඒ අය රට දියුණු කරනවා කියලා පුරසාරම් දොඩන්න. උද්ඝෝෂණ කරන්න. යටිමඩි ගහන්න. අපිට යන එන මං නැතිකරන්න. තව තියෙනවා... දැනට ඔය ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site