IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


පැන්ෂන් පඩි ඉල්ලා හිටපු මන්ත්‍රීවරු ජිනීවා යන්න සැරසෙති

(සුජිත් හේවාජුලිගේ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්නේ නම් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමට විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුව තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන එම එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා සඳහන් කරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය දැනටමත් තීරණයක් ගෙන ඇති බවයි.

මෙය අන්ත අසාධාරණ තීරණයක් බව පවසන මානගේ මහතා තමන්ගේ බෙහෙත් ටික ලබා ගැනීමට විශ්‍රාම වැටුප එනතුරු බලාගෙන සිටින වයෝවෘද්ධ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් මෙම තීරණයෙන් මහත් කරදරයකට වැටෙන බවද සඳහන් කළේය.

පවුලක මූලික අවශ්‍යතා පවා විශ්‍රාම වැටුපෙන් සපුරා ගත නොහැකි පසුබිමක යටතේ එම වැටුප අහෝසි කිරීමෙන් ඇතිවන තත්ත්වය කෙබඳු දැයි සිතා බලන ලෙස ඔහු රජයෙන් ඉල්ලීමක් කරයි.

 



අදහස් (16)

පැන්ෂන් පඩි ඉල්ලා හිටපු මන්ත්‍රීවරු ජිනීවා යන්න සැරසෙති

ලයන් Monday, 21 July 2025 06:27 AM

ජිනිවා ගියාම ඒ මිනිස්සු පුදුම වෙයි , මෙහෙමත් රටවල් තියෙනවද කියල, අවුරුදු 5 ක් සැප අරගෙන මාටිය ගහල ඇවිල්ල , පැන්ෂනුත් දෙන රටක් ලෝකෙ තියනව දැනගත්තම

:       6       36

Nimal 1 Monday, 21 July 2025 07:02 AM

මේ බොහෝ තක්කඩියන් දූෂිත හා වංචනික ක්‍රියාකාරකම් හරහා තමන්වම තර කරගෙන ඇත. දැන් ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ විශ්‍රාම වැටුප් ද ඔවුන්ගේ ආදායමට අමතරව

:       4       26

ravin Monday, 21 July 2025 07:05 AM

කට්ටියම එකතු වෙලා හොරකම් කරපු වස්තු කන්දරාවෙන් අරමුදලක් හදලා, හොරකම් නොකරපු අයට ආධාර කෙරුවානම්... කාටද ආඩම්බර? හොරකමත් මානව හිමිකමක්ද?

:       3       26

MindZap Monday, 21 July 2025 07:35 AM

පුළුවන් කාලේ ගත්තේ V8. රටේ මිනිස්සු කෑවද බිව්වද කියල බැලුවේ නැහැ. පිනට කාල සැප විඳලා දැන් නාකි වුනාමද සිහිය ඇවිත් තියෙන්නේ. වැඩිහිටි පින් පඩි වලට අයදුම් පත් ඉදිරිපත් කරන්න පුලුවන්.

:       2       25

අහිංසක Monday, 21 July 2025 07:40 AM

පව් නේද...

:       1       16

ලුම්බිණි Monday, 21 July 2025 07:43 AM

එච්චරම අමාරු නම් අස්වැසුම ඉල්ලන්න .

:       1       24

C.K.Lankaputhra Monday, 21 July 2025 07:57 AM

තමන්ගේ ස්වයන් රැකියාවක් කරගෙන ජීවත් උන මනුෂ්‍යයෙකුට මහලු උනාම බෙහෙත් ටික ගන්නට පැංශන් එකක් නැතිව ආණ්ඩුවෙන් ලැබෙන සොච්චන් දීමනාවෙන් යැපෙනවා නම් ඔය කියන මහලු වියට පා තබපු මංත්‍රි වරුන්ටත් ඒ තත්වයට පත් වෙනවා නම් ඔය දෙන්නා අතර වෙනස මොකක්ද. මහලු මංත්‍රිවරයාට පැංශන් හම්බවෙනවා, අර මිනිහට මොකුත් නෑ, ඔය කතා ලොජික් විතරයි, යථාර්තය ඕක නෙවයිනෙ.

:       1       18

Perera Monday, 21 July 2025 08:10 AM

හොඳ අදහස ඒ අයගෙන් කීයක් හරි ඉල්ලගන්න, රටට බරක් වෙන්න නැතුව.

:       1       17

දලුවගෙදර Monday, 21 July 2025 09:46 AM

අපි හිතුවා මන්ත්‍රීවරු ජීවිතය නොතකා වැඩකරන රටෙන් කිසිවක් බලාපොරොත්තු නොවන අය කියල!

:       0       2

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Monday, 21 July 2025 09:54 AM

මේ හොරු, තක්කඩි ටික බලයේ ඉන්දැද්දී සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලෙන් බෙහෙත් ගත්තෙත් මන්ත්‍රී වැටුපෙන්ද? පවුල් පිටින් රට සවාරි ගියෙත් මන්ත්‍රී වැටුපෙන්ද?

:       0       8

Nihal Dharmatileke Monday, 21 July 2025 10:04 AM

වත්කම් පෙන්නන්න එතකොට පුළුවන් බැලන්ස් කොහොමද හම්බකෙරුවේ කියලා

:       2       30

යෝගා Monday, 21 July 2025 10:27 AM

දැන් ඉන්න සුන්බුන් 159 වෙනුවෙන් මේකට පූර්ණ අනුග්‍රහය මාලිමාව දෙයි. යන්තම් හරි ලැජ්ජාවක් තියෙනවා නම් ඉක්මණින්ම මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරයි. අපි බලමු.

:       18       20

Rata PerataMonday, 21 July 2025 11:34 AM

යෝගා, දැන් ඉන්න සුන්බුන් තමුන් වගේ උන්ගේ පස්සේ යන්නේ නැති නිසා දැන් වෙන වැඩක් බලගන්න. රනිල් ලගට ගිහින් බලන්න.

:       4       17

සිල්වා Monday, 21 July 2025 11:04 AM

මන්ත්‍රී වැටුප් පක්‍ෂයෙන්ගන්නව වගෙ විශ්‍රාම වැටුපත් පක්‍ෂයෙන් ගත්තාම ප්‍රශ්නය ඉවරයි.

:       5       13

අරවින්ද මොණරවිල Monday, 21 July 2025 03:16 PM

මොවුන්ට ලැජ්ජාවක් කියන එක ගෑවිලාවත් තිබුණා නම් මෙහෙම කියන්නේ නැහැ. එක අතකට පිනට කන එකයි, හොරා කන එකයි පුරුද්දක් කර ගත්තු අයට කොහේද ලැජ්ජාවක්...?

:       0       8

ගුණරත්න Monday, 21 July 2025 09:39 PM

මනුස්සයෙක්ට කරන සේවය වෙනුවෙන් ප්‍රමාණවත් වැටුපක් ලැබෙන්න ඕන. එහෙම නොවුනම තමයි උන් හොරකම් කරන්න පෙළඹෙන්නේ එහෙම කරන්න ලජ්ජා ඇති ය රස්සාවෙන් අයින් වෙලා වෙනත් රටකට යනවා. ඕක දන්නේ නැති බබ්බු වගේ තමයි මාලිමාවුන් හැසිරෙන්නේ. මන්ත්‍රීලා ගැන වුනත් එහෙමයි, අපි උගත්තු කියල හිතාගෙන උන්නට වැඩ අනාගන්න මාලිමාවේ ඉන්න පොල් ලෙලි කොම්බ මන්ත්‍රීලා නෙවෙයි තැනකට ගිහින් හරියට කතා කරන්න පුළුවන් උගත් මිනිස්සු ගැන මම කියන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 439 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2202 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site