IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


පුනරුද යුගයේ සාමූහික ඇරැඹුමට එක්වන්න

(අංජුල මහික වීරරත්න)

 පැවැති දූෂිත දේශපාලන තන්ත්‍රයේ දහසක් අවලාද හා බාධා කිරීම් මැද පොදු මහජනතාව එක්ව ගොඩනැඟූ ජනතා රජය ක්‍රමානුකූලව ස්ථාවරව ඉදිරියට යමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිදහස් දින පණිවිඩයෙන් පවසයි.

ජනාධිපතිවරයාගේ නිදහස් දින පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

අද දින අප 77 වන ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තු හද දරමිනි. ශ්‍රී ලංකා ඉතිහාසය ප්‍රව‍ර්තනය කරමින් උතුර, නැගෙනහිර, බටහිර, දකුණ සියලු ජනතාව එක් ව ගොඩනැඟූ මහජනතාවගේ ආණ්ඩුවක් සමඟ අප මේ වන විට අලුත් මඟකට පිවිස ඇත. පසුගිය සියවසේ අපට අහිමි වූ සහ අපට මඟහැරුණු පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් යළි ගොඩනඟා ගැනීමේ අභියෝගය සමඟ අපි සැමදෙනා මේ වන විට සාමුහිකව පොරබදමින්  සිටිමු.

අපගේ අනාගත පරපුර උදෙසා අප දේශය නව ස්ථරයක් වෙත ඔසවා තැබිය යුතුය. රුහිරෙන් කඳුලින් අරගල කළ ඉතිහාසයේ සියලු විරුවන්ගේ කැපකිරීම් වල අපේක්ෂාව වූයේ ද එයයි. ඒ අනුව පුද්ගලිකවත් සාමූහිකවත් අප ඒකීය පද්ධතියක් ලෙස සමාජීය, පාරිසරික හා ආචාරධාර්මික මං ඔස්සේ සංවර්ධිත නූතන ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැඟිය යුතුය.

නව රජය ලෙස  එහිදී පසුගිය මාස හතර තුළ මූලික වශයෙන් සවිමත් ආර්ථිකමය පදනමක් මත රට ස්ථාවර කිරීම,  නව දේශපාලන සංස්කෘතියක් අභ්‍යාස කරමින්, දේශපාලනය හා දේශපාලනඥයා පිළිබඳ වූ නව පරමාදර්ශයක් වෙනුවෙන් කැපවීම, ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් තොරව අනෙකා දෙස සමානාත්මතාවෙන්, ගෞරවනීය හා සහකම්පනීය ලෙස බැලීම හා සැලකීම කෙරෙහි ජනතාව මෙහෙය වීම හා නීති බල ගැන්වීම, ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමේ අපගේ මුඛ්‍ය පරමාර්ථ සාධනය කර ගැනීම සඳහා වූ ප්‍රතිපත්තිමය හා ක්‍රියාකාරී එළැඹුම සනිටුහන් කරමින්, අවදානමට ලක් වූ හා ලක් විය හැකි කිසිඳු පුරවැසියෙක් මඟ නොහැරෙන පරිදි අත්‍යවශ්‍ය සමාජ කණ්ඩායම් වෙත ප්‍රවේශය සහතික කරන සුබසාධන යාන්ත්‍රණ සැකසීම, අපට මඟහැරුණු නව්‍ය විද්‍යා හා තාක්ෂණ දියුණුව අත්පත් කර ගැනීම සඳහා ආර්ථිකය ඩිජිටල්කරණය කිරීමට අවැසි මුල් පියවර තැබීම, දූෂිත පාලකයන් සිටින රටක් ලෙස වූ පූර්ව නිගමනය බැහැර කර ලෝකයේ සියලු රටවල් හා ජාතීන් සමග වඩා විශ්වාසනීය ලෙස ගනුදෙනු කළ හැකි නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් සහිත රටක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ යළි ශ්‍රී ලංකාව සන්නාම ගත කිරීම යන කාර්ය වෙත අපගේ අවධානය යොමු විය.

මේ අනුව පැවැති දූෂිත දේශපාලන තන්ත්‍රයේ දහසක් අවලාද හා බාධා කිරීම් මැද මෙරට පොදු මහජනතාව එක්ව ගොඩනැඟූ ජනතා රජය ක්‍රමානුකූලව නමුත්, ස්ථාවරව ඉදිරියට යමින් සිටී. 

අපගේ පොරොන්දුව පරිදිම අද වන විට අප ජාතික පුනරුද යුගයක් වෙත ශ්‍රී ලංකාව කැඳවා යාමට මේ වන විට සමත්ව සිටිමු. ඒ අනුව දැන් ඇත්තේ ඉහත කී පදනම මත ක්‍රමානුකූලව සියවස් ගණනක් අප දුටු සිහිනය සැබෑ කරගැනීම පිළිබඳ වූ ඉතිහාසයේ වඩා නිර්මාණශීලීම කාර්‍යය නොසැලෙන විශ්වාසයෙන් යුතුව ඉදිරියට රැගෙන යාමයි. ඒ වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකික ජනතාව වඩා ශක්තිමත්ව හා විශ්වාසයෙන් යුතුව පෙළගැසෙන ලෙසත්, නිදහස පිළිබඳ වූ නූතන සුසමාදර්ශයක් ගොඩනැඟීමේ කාර්යය හා එක්වන ලෙසත්, පුනරුද යුගය සඳහා වන සාමුහික ඇරඹුමට එක්වන ලෙසත්, 77 වන ජාතික නිදහස් දිනය සමරන මෙම අවස්ථාවේදී මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාවට මම ආරාධනා කර සිටිමි.



අදහස් (10)

පුනරුද යුගයේ සාමූහික ඇරැඹුමට එක්වන්න

Pol Monday, 03 February 2025 09:59 PM

තව මොනවාද ආරම්භ කරන්නේ? දැනටමත් පුනරුදය උදා වෙලා ඉවරයි. නිහතමානීකමට එකක්වත් කියන්නේ නැහැ. එච්චරට සරලයි.

:       0       2

රම්බොඩ Monday, 03 February 2025 10:45 PM

හරිම ලස්සන රචනාවක්. කවුද දන්නෙ නෑ රචකයා

:       0       1

Ranjan Tuesday, 04 February 2025 01:05 AM

හොඳයි කිව්වා ජනාධිපතිතුමනි (සහෝදර ජනාධිපති)

:       1       0

Nishan Tuesday, 04 February 2025 03:36 AM

පලපුරුදු කට්ටිය අස් වෙවී යන එක තමයි අවුල නේද? අරහෙන් රතු ලේබල් ගහපු කන්ටෙනර් තුන්සිය ගණන් කිසිම චෙක් කිරිල්ලක් නැතුව මුදා හරිනවා. හාල් ටෙන්ඩර් හතරවෙනි වතාවටත් ෆේල් වෙනවා. අළුත් බදු නිසා වාහන මිල කෝටිය පැනලා, හාල් කිලෝ එක රුපියල් 300 පැනලා. පොල් දකින්නවත් නෑ. ලුනු පිටරටින් ගෙන්න ගත්තා දැන් ඒකේ මිලත් වැඩි වෙලා. ඉතිහාසේ ලොකුම ණය මුදල ගන්නේ අපියි කියලා පාරම්බානවා. අනේ මන්දා මේකද පුනරුදේ කියන්නේ?

:       0       1

C.K.Lankaputhra Tuesday, 04 February 2025 05:36 AM

ජයහේ ශ්‍රීලංකා

:       2       0

රට වැසියා Tuesday, 04 February 2025 07:09 AM

ජයවේවා! මේ රජයට රටේ වෙනසක් කල නොහැකි නම් එසේ කල හැකි කිසිදු රජයක් මේ බිමේ පහළ නොවනු ඇත. එබැවින් හාල් පොල් වාහන ලාබෙට ගැනීමේ මානසිකත්වයට වඩා එහාට ගිය අභිලාෂයක් රටේ ජනතාවට තිබිය යුතුය. රටේ පාලකයන් අල්පේච්ඡතාව අනුගමනය නොකර සෙසු අයට එසේ විය නොහැක. පරණ පාරේම යන්නට දඟලන විපක්ෂ මේ ගැන සිතිය යුතුය .

:       14       5

යෝගා Tuesday, 04 February 2025 07:37 AM

අනුර, අද නිදහස් දිනයේ සිටවත් බොරු නොකීමට අධිෂ්ඨාන කරගන්න. එයම ජනතාවට මානසික නිදහසක් ගෙන දෙනු ඇත.

:       5       15

gamageTuesday, 04 February 2025 06:02 PM

යුගයේ ඉන්නේ සියල්ල ඇත්ත කතා කරපු, කරන, රට හොරා නොකපු සෙට් එකක් එක්කද?

:       1       0

Eranga Tuesday, 04 February 2025 12:24 PM

මෙයා නේද මිට කලින් නිදහස් උළෙලවල් සැමරීම වැඩකට නැති දෙයක් කිව්වේ? අනේ මන්දා?

:       2       9

ගුණරත්න Tuesday, 04 February 2025 06:06 PM

කුහක තක්කඩි, ඉස්සර කිව්වේ නිදහස සමරන එක නාස්තිකාර පලප්‍රයෝජනයක් නැති දෙයක් කියල, එත් දැන්! රජවරු වගේ වාහන පිරිවරාගෙන යනවා උත්සවවලට.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 126 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 163 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 205 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


‘සෝලා’ විදුලි ගාස්තුව තවම අඩුකර නෑ
2025 මැයි මස 12 284 0

‘සෝලා’ විදුලි ඒකකයක් වෙනුවෙන් ගෙවන මුදල අඩු කරන්නේ යැයි පැවසුවට එම යෝජනාව මේ දක්වා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බවත් ඉහළ ගාස්තු පහත දැමීමක් කළ හ


රනිල් ගංගාරාමයට
2025 මැයි මස 12 332 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අද(12) පැමිණ ආගමික වතාවත් වල නිරත විය.


වසර 57කට පසු ආසියා යොවුන් බොක්සින් ලංකාවේ
2025 මැයි මස 12 147 0

ASBC ආසියානු U22 සහ යොවුන් බොක්සිං ශූරතාවලිය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුරමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1181 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1485 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site