IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පන්දහසේ අල්ලසට එස්.අයි. වසර 20ක් හිරගෙට

(මනෝප්‍රිය ගුණසේකර)

සුදු පොළක් වැටලීමකදී අත්අඩංගුවට ගත් ජංගම දුරකථනය යළි ලබා දීමට රුපියල් 5000/- ක අල්ලසක්  ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරු වූ අහුංගල්ල පොලිසියේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයකුට වසර 20 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා රුපියල් 20,000/-ක දඩයකටද ඔහු යටත් කළේය.

විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් අදාළ දඬුවම නියම කළ විනිසුරුවරයා මීට වසර 07කට ඉහතදී ලබාගත් රුපියල 5000/-ක අල්ලස් මුදල දඩයක් වශයෙන් අයකර ගැනීමටද වැඩිදුරටත් නියම කළේය.

චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ අහුන්ගල්ල පොලිසියට අනුයුක්තව උප පොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කළ කේ. පී. කුමාර නමැත්තාට.

2015 වසරේ අහුන්ගල්ල ප්‍රදේශයේදී සුදු පලක් වටලා අත්අඩංගුවට ගත් ජංගම දුරකථනයක් මුදාහැරීමට සහ එහිදී අල්ලා ගත් පුද්ගලයින්ට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 10,000/- ක් ඉල්ලා රුපියල් 5000/-ක් ලබා ගත් බවට විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විින් චෝදනා නඟා තිබිණ.

 



අදහස් (10)

පන්දහසේ අල්ලසට එස්.අයි. වසර 20ක් හිරගෙට

විජේ Tuesday, 18 October 2022 04:38 PM

එහෙනං බැසිල්ලා, රාජිතලා, මහින්දානන්දලාට එහෙම මරන දඩුවමම දෙන්න වෙනවා.

:       0       1

ruwan Tuesday, 18 October 2022 05:55 PM

කරලා තියෙන්නේ වැරද්දක් තමයි .නමුත් වසර 10ක් කියන්නේ මනුස්සයෙක්ගේ ජීවිතේ ලොකු කාලයක.මේ වගේ නීති වෙනස් වෙන්න ඕනි.මොකද මීට වඩා කෝටි ගණන් හොරා කාපු අය යහතින්

:       0       1

සඳුන් Tuesday, 18 October 2022 06:01 PM

අපරාදේ ........ ඔච්චර අවුරුදු ගානකට හිරේ යන හොරකමක් කරල තියෙන නිසා මේ පොලිස් නිලධාරිතුමාට තිබුණේ මොන සෙල්ලමක් හරි දාල ජනාධිපති කෙනෙක් වෙන්න. එතකොට ඕනෑම හොරකමකට වංචාවකට හිරේ නොයා ඉන්න මුක්තිය හම්බ වෙනවා. අර මොකක්ද උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ එහෙම තියෙනවලු.

:       0       1

Hafeel Tuesday, 18 October 2022 06:31 PM

මෙහම බලන විට දැන් ඇමති මණ්ඩලයේ ඉන්න අර කප්පම් ඇමති වාසනාවන්තයෙක් . ඔහුට අත් හිටු සිර දඬුවම්. ගන්න වානම්, කප්පම් ඇමති වගේ මහා පරිමානයේ ගන්න ඕනේ. එතකොට අත් හිටු සිර දඬුවම්.

:       0       2

චන්දන Tuesday, 18 October 2022 06:57 PM

එහෙනම් සමහර දේශපාලකයන් ඊලග ආත්මෙටත් එක්ක හිරේ දාන්න ඕන .

:       0       2

නිහාල් Tuesday, 18 October 2022 07:12 PM

2015 සිද්ධියක නඩුවට 2023 දීද තීන්දුව ලැබිලා තියෙන්නේ. කෙනෙක් අල්ලස් ඉල්ලුවාම ඒක නීතියට හසුකර දී අවුරුදු 8ක් උසාවියට යනවාට වඩා ලේසි නේද 5000 දීලා දාන එක. ඒ නිසයි මිනිස්සු අල්ලස් දෙන්න පුරුදු වෙලා ඉන්නේ.

:       0       1

Adrian Ferth Tuesday, 18 October 2022 07:17 PM

අල්ලස් කොමිසම හරියට රාජකාරිය කරනවා නම් පොලීසියෙ 75% ක් ඇතුළෙ.

:       0       2

ජයතිලක Tuesday, 18 October 2022 09:31 PM

කොස් ගෙඩියට මිනීමරපු රජතුමාව මතක් උනා. දඬුවම කල වරදට සාපේක්ෂ විය යුතුයි.

:       1       0

ලලිත් Wednesday, 19 October 2022 09:01 AM

දඩුවම් සාධාරනයක් වෙන්න නම් අල්ලස් ගන්නා දේශපාලුවා හිරේ යැවිය යුතුය.

:       0       3

Senarath Wednesday, 19 October 2022 09:21 AM

රුපියල් 5000ක් අල්ලස් ගත්තු එස්.අයි. වසර 20ක් හිරේ. ඒ වුනාට පස් කොන්ත්‍රාත්කරුගෙන් කෝටි 5ක් කප්පම් ඉල්ලපු ඇමති අද කැබිනට් ඇමති.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site