IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පන්දහසක අල්ලසක් ඉල්ලූ සැරයන් ගෙදර

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොලිස් භාරයට ගෙන තිබූ තිබූ යතුරු පැදියක් සහ එහි ලියකියවිලි නැවත එම යතුරු පැදියේ අයිතිකරුට භාර දීම සඳහා රුපියල් 5000 ක මුදලක් ඉල්ලා සිටි බව කියන අක්මීමන පොලිසියේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනම් කළ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මූලික විමර්ශනයක් පවත්වා මෙම පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇත්තේ ගාල්ල සහකාර පොලිස් අධිකාරී (1) විසිනි.

බීමතින් යතුරු පැදියක් පදවාගෙන පදවා ගෙන යමින් සිටි බව කීමෙන් නරාවල හන්දියේ දී පුද්ගලයකු අල්ලා ගෙන ඔහුගේ යතුරු පැදිය සහ එහි ලිය කියවිලි පොලිස් භාරයට ගෙන ඇත.

මෙම පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර යතුරු පැදිය සහ එහි ලියකියවිලි නැවත භාරදීම සඳහා මෙම පොලිස් සැරයන්වරයා රුපියල් පන්දහසක මුදලක් ඉල්ලා ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

 

 



අදහස් (2)

පන්දහසක අල්ලසක් ඉල්ලූ සැරයන් ගෙදර

C.K.Lankaputhra Saturday, 05 August 2023 11:42 AM

තල්මස්සු, මිනී මෝරු, පිරානලා කිසිම අවුලක් නැතුව වැඩේ දිගටම දෙනවා. ඉස්සෝ, කූනිස්සෝ හාල්මැස්සෝ අහුවෙනවා. ඔවුන්ට ජරාව කන් අය කියලයි කියන්නේ. අරයාට මැතිතුමා, උතුමා, ආරියාව කියලා අපි දෙකට තුනට නැමිලා ගිහින් කතිරෙ ගහනවා. මොවුන් ඡන්දේ අරගෙන ඊට පස්සේ අපිව දෙකට තුනට නවලා අරිනවා. මොකක්ද අප්පා මේකේ සාධාරනේ..?.

:       0       9

Rata Perata Saturday, 05 August 2023 01:12 PM

නිමල්, සිරිලිය නම් නියමෙට බේරුණා...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site