IMG-LOGO

පානදුර ශ්‍රී ජිනධර්මදාන විදුහලේ පරිඝණක විද්‍යාගාරයට ගිනි තියලා

(සුමිත් පොතුපිටිය) 

පානදුර, කෙසෙල්වත්ත  ශ්‍රී ජිනධර්මදාන විදුහලේ විදුහල්පති නිල කාමරයට සහ පරිඝණක විද්‍යාගාරයට අද (03) පස්වරුවේ ගිනිතබා  දේපළ විනාශ කිරීම සම්බන්ධයෙන් සැකපිට අවුරුදු 12 සහ 9 වියැති දරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි .

විදුහල්පතිවරයා පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උරණවී විදුහල්පතිවරයාගේ පුටුවට ගිනි තබමු යැයි කථිකා වී මොවුන් මෙය සිදුකර ඇති බව පොලිසිය කියයි.

ගින්නෙන් පරිගණක විද්‍යාගාරයේ තිබූ පරිගණක විස්සකට අධික ප්‍රමාණයක් සහ එහි උපාංග, විදුලි පංකා, පෙළ පොත් විශාල ප්‍රමාණයක්, විදුහල්පතිගේ පුටුව සහ කුසලාන රැසක් ද විනාශ වී ඇති බව පොලිසිය කියයි.

ගින්න ඇති වන මොහොතේ පාසල වසා දමා තිබී ඇති අතර , ගිනි ජාලා ඉහළට නැගෙනු දුටු ප්‍රදේශවාසීන් ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබේ.

මීට පෙර අවස්ථා කිහිපයකදීම පාසලේ දේපළට හානි කර ඇතැයි ද පැවසේ.

සිද්ධිය සැලවීමත් සමගින් ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් දරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සැනිටයිසර්  දියර දමා ගිනිතබා ඇති බව පොලිසිය කියයි.

 



අදහස් (2)

පානදුර ශ්‍රී ජිනධර්මදාන විදුහලේ පරිඝණක විද්‍යාගාරයට ගිනි තියලා

Pradeep Tuesday, 03 May 2022 10:21 PM

මේ අය තමයි කවදා හරි මධූෂ්ලා වගේ වෙන්නේ... !

:       0       0

Ajith Wednesday, 04 May 2022 04:32 PM

එළ කොල්ලෝ ටිකක්නේ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 192 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 700 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1097 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site