බිමල් ශ්‍යාමන් ජයසිංහ
රුපියල් පන්දහසේ සහනාධාර මුදල බෙදා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වු සිද්ධියකදී සිදු වු පහරදීමකින් තුවාල ලද පානදුර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු රෝහල් ගත කර ඇතැයි පිංවත්ත පොලිසිය කියයි.
පානදුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුජිත් ප්‍රියන්ත මහතා මෙලෙස රෝහල් ගත කර ඇත.
ඔහු සහනාධාර මුදල් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ගිය අවස්ථාවේදී අද (21) පානදුර පිංවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු පහර දී තිබේ.
පහර කෑමෙන් මන්ත්‍රීවරයාගේ මුහුණ සහ අත ප්‍රදේශයට තුවාල සිදුව ඇති බව පොලිසිය පවසයි.
මන්ත්‍රී වරයා පානදුර රෝහලෙ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .
පහරදීමට සම්බන්ධ පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇත. පිංවත්ත පොලිස් ස්ථානාධිපති පො.ප ලක්ෂ්මන් දිසානායක මහතා ගේ උපදෙස් මත වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පානදුර ප්‍රා.සභා මන්ත්‍රීවරයකු පහර කෑමකින් තුවාල ලබා රෝහලේ
රංග කටුනායක Wednesday, 22 April 2020 05:19 PM
හොඳ පුුවතක් හොද වැඩෙිි. හැම තැනටම දේශපාලනය ඇවිල්ල. කොරෝනත් විකුනන් කනවා දේශපාලකයෝ...
නන්නාදුනන හාදයා Wednesday, 22 April 2020 05:47 PM
දැන් තමයි අපේ රටේ මිනිස්සුන්ට මොලය පෑදීගෙන එන්නේ. මේ ආරම්බය පමණක් කියලා මම හිතනවා. අපේ රටේ මිනිස්සු ඇයි දේශපාලකයින්ට බයවෙන්නේ...? ඇයි ගරු කරන්නේ..?. සමහර මෝඩයින් කියන්න පුළුවනි ඒගොල්ලෝ අපිට ආධාර කරනවා... මුදල් දෙනවා.. වගේ දේවල්... ඇයි දෙවියනේ මේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි ... මේ ආධාර දෙන්න මේ දේශපාලුවා නීතියෙන් බැඳී සිටිනවා. ඒ මුදල් එයාගේ පොකට් එකෙන් එන සල්ලි නොවෙයි.. මේ දුප්පත් මහජනයාගේ බදු මුදල්...!!! දැන්වත් අපේ රටේ මිනිස්සුන්ට මේ යථාර්තය වැටහුනොත් ලොකු දෙයක්. වැරදි කරන, මෝඩ, දුෂිත දේශපාලුවන්ට ගහන්න ඕනා... ඔය හිඟන්නෝ ආයේ කට ගහගෙන එන්නේ නැහැ. උනුත් එක්ක එන නරි රැලටත් ගහන්න ඕනා. ඒ සමගම ඔය හොර දේශපාලුවන්ට කඩේයන පුජකයින් ගමෙන් ගහලා පන්නන්න ඕනා.. චන්දෙදි උගත්, බුද්ධිමත්, අවංක, වැඩදායක, පොලිසියේ පොතේ ...'නරකක්' ලියවිලා නැති තරුණ පුද්ගලයෙක්ට චන්දය දිලා ඔහුගෙන් ගමට රටට සේවයක් සලසාගන්න. එදාට අපේ රට ලස්සන රටක් වේවි....!!!
karuWednesday, 22 April 2020 10:27 PM
හොඳ අදහස... ඒ වගේමයි.. මිනිස්සු එකතුවෙන්න ඕනා. එකතුව තමයි ලොකුම බලවේගය. අපේ රට හොරාකාලා නැත්තටම නැති කළා. මම නම් ඒ අයට ගරු කරන්නේ නැහැ. මගේ බල්ලවත් ඔය හිඟන්නෝ දිහා බලන්නේ නැහැ. ඔකුන්ගේ කටු කන ගමේ නරි කිහිප දෙනෙක් ඉන්නවා. උන්ටත් නෙලුවානම් හරි. ඒ වගේමයි දේශපාලුවන්ට සුදුහුණු ගාමින් කඩේ යන, බුදුන්ට නිගාදෙන, සංග සෙට් එක ගමෙන් පැන්නිය යුතුයි...!!!
ranaThursday, 23 April 2020 04:21 AM
වහල්ලා කියන වචනයේ තේරුම ?
කපුරුහාමි Wednesday, 22 April 2020 09:18 PM
හොඳ වැඩේ. දේසපාලුවෝ බලයට පත් කරන්නේ මහජනතාව. බලයට ආවට පස්සේ මුල මතක නැහැ.
Hafeel Wednesday, 22 April 2020 11:25 PM
නිකං බොරුවට ලකුණු දාගන්න ගියොත්, ඕකයි වෙන්නේ.
Paala Thursday, 23 April 2020 02:32 AM
එල කිරි. දෙන එක දෙන්න ඇඳුමේ මල පහ වෙන්න
amila Thursday, 23 April 2020 03:33 AM
ඒක හොඳයි. දැන්වත් මොලේ පෑදෙන එකට .
sam Thursday, 23 April 2020 06:37 AM
පින්වත්ත ගැන දන්නෝ දනිති. දේශපාලනය නරක වුනත් නැතත් පානදුර පින්වත්ත කියන්නේ වෙනම පළාතකි.
isurandi Thursday, 23 April 2020 07:07 AM
මොන විමර්ශනද මහත්තයෝ ? ඒ මනුස්සයා කරලා තියෙන්නේ හොද වැඩක්. ඒ නිසා ඔය විමර්ශනය කරන වැඩේ අත හැරලා දාන්න.
sudda Thursday, 23 April 2020 08:35 AM
ඔය විදියට හිතන ජනතාව අතරින් තමා අන්තිමේට ඔය විදියේ දේශපාලුවෝ පත් වෙන්නෙත්....ඊට පස්සේ ඔය වගේ අය තමයි අනික් මිනිස්සුන්ට චණ්ඩිකම් පෙන්නන්නෙත්...