
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත් හා ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා දීපව්‍යාප්තව පුවත්පත් ලිපි තරගාවලියක් පැවැත්වීමට රජය සැලසුම් කර ඇත.
“විධිමත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණක් සහ තිරසාර ආර්ථික පරිවර්තනයක් තුළින් 2048 වන විට සංවර්ධිත මගේ රට” මැයෙන් පවත්වනු ලබන මෙම දීපව්‍යාප්ත පුවත්පත් ලිපි තරගාවලියේ ජයග්‍රාහකයින්ට හා ජයග්‍රාහී පාසල් සඳහා වටිනා ත්‍යාග හා සහතික පත් ලබාදීමට ද නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.
රජයේ සියලු පාසල් හා පිරිවෙන් විද්‍යායතන, අධ්‍යාපන අමාත්‍යංශය යටතේ අනුමත පෞද්ගලික පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම භික්ෂුන් වහන්සේලා , මෙහෙණින් වහන්සේලාටද මෙම තරගය සඳහා සහභාගී විය හැකි අතර, සිංහල ,දෙමළ හා ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන්ම අයදුම්කරුවන්ට සිය නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව සංවිධනය කරන මෙම තරගාවලියේ අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය ජුලි 31 වැනිදා වන අතර, තරග කොන්දේසි සහ ඉල්ලුම් පත්‍රය, නිර්මාණ ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳ වැඩි විස්තර අදාළ පනත් කෙටුම්පත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ https://www.dgi.gov.lk/contact-us/public-finance-management-bill වෙබ් අඩවිය ඔස්සේ බාගත කළ හැකිය.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පනත් දෙකක් ගැන තරඟයක් කැඳවයි
banda Tuesday, 16 July 2024 01:12 PM
නිර්මාණය කරලා අන්තිමට "නැගිටින්න පුතේ ඉස්කෝලෙ යන්න පරක්කු වෙනවා" කියල කියනකොටම මට ඇහැරුණා කියලත් ලියන්න අමතක කරන්න එපා.