(පියදාස සමරවීර
රුධිර කාන්දුකරණයේ දී භාවිත කරන පෙරණවල හිඟය නිසා පදවිය රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්නා වකුගඩු රෝගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවකට පත්ව ඇතැයි එම රෝහලේ වෛද්‍ය අධිකාරී පූර්ණිමා විමලරත්න මහත්මිය පැවසුවාය.
පදවිය රෝහලෙන් සතියකට වකුගඩු රෝගීන් 228 දෙනකු පමණ ප්‍රතිකාර ලබා ගන්නා අතර ඔවුන්ගේ රුධිරය මාරු කිරීමට අවශ්‍ය පෙරණ රෝහලේ නැතැයි ද වෛද්‍ය අධිකාරිවරිය කීවාය.
පදවිය, වැලිඔය, වාහල්කඩ සහ ශ්‍රීපුර ආදී ප්‍රදේශවලින් රෝගීන් රුධිර කාන්දුකරණය සඳහා පදවිය රෝහලට දිනපතා පැමිණෙන බව ද වෛද්‍යවරිය කීවාය.
මේ අතර පදවිය රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළේ මැදවච්චිය, ත්‍රිකුණාමලය සහ වව්නියාව ආදී රෝහල්වලින් පෙරණ ආපසු ලබාදීමේ පදනම මත ලබාගෙන රුධිර කාන්දුකරණය සිදුකරන බවය.
එවැනි පෙරණ 1200ක් වත් පදවිය රෝහලට අවශ්‍ය බව ද ඔහු පැවසීය.
මේ පිළිබඳව උතුරුමැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතාගෙන් කළ විමසුමක දී ඔහු සඳහන් කළේ පෙරණවල හිඟය පිළිබඳව වෛද්‍ය සැපයුම් අංශය දැනුවත් කර ඇති බවය.
පෙරණවල හිඟයක් පවතින බව ද ඔහු කීය.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පදවියේ රුධිර පෙරණ හිඟයක්