IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පුද්ගල දත්ත රැකගන්න සභාපතිවරයෙක්

(අංජුල මහික වීරරත්න)

පුද්ගල දත්ත ආරක්ෂා කිරිමේ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සභාපතිවරයකු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු යොදා තිබේ.

ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ තාක්ෂණික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහත්වරුන්ගේ  සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාවකදීය.

ඒ අනුව පුද්ගල දත්ත ආරක්ෂා කිරීමේ සභාපති ලෙස අර්ජුන හේරත් මහතා ද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස ජනනාත් ප්‍රනාන්දු, සුලක්ෂණ ජයවර්ධන, සෞම්‍ය අමරසේකර, ෂෙහාන් විජේතිලක, බිසර සෙනවිරත්න හා නිෂිත් අබේසූරිය පත් කර තිබේ.

පුද්ගල දත්ත ආරක්ෂා කිරීමේ පනත 2022 වර්ෂයේ මුල භාගයේ සම්මත වුවද වසරකට වැඩි කාලයක් ගත වුවත් එය ක්‍රියාත්මක නොවීම නිසා මෙලෙස සභාපතිවරයකු හා අධ්‍යක්ෂ මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

මෙම පනත මගින් පුද්ගල දත්ත සුරක්ෂිත කරන අතර පුද්ගල දත්ත වැරදි ලෙස පරිහරණය කරන අයට දැඩුවම් පැමිණවීමේ බලය ද මෙම පනත යටතේ පිහහිටුවන පුද්ගල දත්ත ආරක්ෂණ අධිකාරියට හිමිවේ. 

එම අධිකාරිය පිහිටුවීම ඊට අයත් කාර්ය මණ්ඩලය තීන්දු කිරීම හා කාර්යාලය පවත්වාගෙන යාම යන කාරණා මෙම කමිටුව මගින් සකස් කරනු ලැබේ.

මෙම අධිකාරියට අවශ්‍ය සහය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ මැදිහත්වීම මත එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය හා ලෝක බැංකුව එකතු වී ලබා දෙනු ලබයි . 

මෙතෙක් දත්ත ආරක්ෂණ අධිකාරියක් නොමැතිවීම නිසා විදෙස් තොරතුරු තාක්ෂණ සමාගම් මෙරට ආයෝජනය කිරීමට අකමැත්ත පළ කර තිබූ අතර මෙම අධිකාරිය පිහිටුවීමෙන් පසුව එම බාධාව තුරන් වනු ඇතැයි රජය පවසයි.
ආයතන මගින් පෞද්ගලික  දත්ත සකස් කිරීම හා භාවිත කිරීම සම්බන්ධයෙන් මෙම අධිකාරිය විසින් නිර්නායක ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (3)

පුද්ගල දත්ත රැකගන්න සභාපතිවරයෙක්

Rata Perata Saturday, 07 October 2023 01:52 PM

පිනාධිපතිගේ තවත් අපේ සල්ලි කන වැඩක්. ඕවා කරන්න මීට වැඩිය ලේසි ක්‍රම තියෙනවා. ඕනම දියුණු රටක දත්ත ආරක්ෂණ කොමසාරිස් කෙනෙක් ඉන්නවා. ඒත් මෙතැන වෙන්නේ ලෝක බැංකු සල්ලි ටික පිල්ලි යන වැඩක් විතරයි. බලන්න තව අවුරුදු 2කින් විතර ඔය ආයතනයට මොකද වෙන්නේ කියලා... රනිල් කියන්නේ කතාකාරයෙක් විතරයි. ඡන්දයක්වත් තියාගන්න බැරි කෙනෙක්.

:       0       1

chandima Sunday, 08 October 2023 01:45 AM

මේ කතාවේ අනික් පැත්ත තමයි අපි නුඹලාගේ තොරතුරු රහසිගතව එකතු කරන්න යනවා කියන එකයි...

:       0       0

chandima Sunday, 08 October 2023 01:48 AM

මෙයා ටික ටික ජනතාවගේ දත්ත එකතු කරලා, විරුද්ධවාදීන් මර්ධනය කරලා ඒකාධිපතියෙක් වෙන්න වගේ යන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 984 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site