IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පෞද්ගලික වාහන ආනයන තහනම ඉවත් කිරීම කල් යයි

(සන්ඩේ ටයිම්ස්)

පුද්ගලික වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම ලබන වසර මුල දක්වා ප්‍රමාද කිරීමට රජය තීරණය කර ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
මෙරට ආර්ථිකය තවමත් ස්ථාවර නොවීම සහ ඒ සඳහා පහසුකම් සැලැසීමට ප්‍රමාණවත් විදෙස් සංචිත ප්‍රමාණයක් මහ බැංකුව සතුව නොමැතිවීම යන කරුණු මත පදනම්ව එලෙස තහනම ඉවත් කිරීම ලබන වසර මුල දක්වා ප්‍රමාද කිරීමට රජය තීරණය කර ඇතැයි ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාර නිලධාරියකු පැවැසුවේය.

පුද්ගලික වාහන ආනයනය කිරීම ආරම්භ කිරීමත් සමඟ ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක මුදල් ප්‍රමාණයක් සෑම වසරකම මෙරටින් පිටතට ගලා යනු ඇතැයි එම නිලධාරියා ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ලොරි, බස් සහ ට්‍රක් රථ මෙන්ම සංචාරය ක්ෂේත්‍රය සඳහා යොදා ගන්නා වෑන් රථ වැනි වාණිජ පදනමකින් යුත් වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම ලබන මස සිට ඉවත්වනු ඇති බවද ආරංචි මාර්ග පැවැසුවේය.

එනමුත් රාජ්‍ය අමාත්‍යාංශ සහ අනෙකුත් ආයතන සඳහා අවශ්‍ය වාහන ආනයනය කිරීම ආරම්භ වන්නේ ලබන වසරේ පුද්ගලික වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමෙන් පසුව බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මීට පෙර විද්‍යුත් වාහන සහ පුද්ගලික මෝටර් රථ ආනයනය කිරීම සඳහා මෙම වසර අවසානයේ සිට අවසර ලබා දීමට රජය සැලැසුම් කර තිබිණි. නමුත් මෙයද ලබන වසර දක්වා ප්‍රමාද කිරීමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පැවැසුවේය. ආනයනය කරනු ලබන පුද්ගලික වාහන වලින් වැඩිම ප්‍රමාණය ත්‍රී රෝද රථ සහ යතුරු පැදි වේ. ඒ හේතුවෙන් පුද්ගලික වාහන ආනයනය ඉවත් කිරීම ලබන වසරේ මැයි හෝ ජූනි දක්වා ප්‍රමාද වනු ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

600 සීසී සිට 800 සීසී දක්වා කාණ්ඩයට අයත් මෝටර් රථ පාලනයක් සහිතව ආනයනය කිරීමට රජය අවසර ලබා දෙනු ඇති බවත් මුල් අදියරේදී බලයලත් නියෝජිතයන්ට සහ මව් සමාගම්වලට ඒ සඳහා අවසර ලැබෙනු ඇති බවත් ආරංචි මාර්ග පැවැසුවේය.

 වාහන ආනයනය ලබන වසරේ ආරම්භ වූ පසු වාහන අමතර කොටස් ආනයනය කර මෙරටදී වාහන එකලස් කරන සමාගම් සඳහා රජය ප්‍රමුඛතාව ලබා දෙනු ඇති බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

වාහන ආනයනය කිරීම සඳහා අවසර ලැබී නැති වෛද්‍යවරුන්ගේ සහ රජයේ ඉහළ නිලධාරීන්ගේ වාහන බලපත්‍ර සඳහා අවසර ලබාදීම තීරණය කරනු ලබන්නේද ලබන වසරේදී බව ආරංචි මාර්ග පැවැසුවේය. අවසරය ලබා ගැනීම සඳහා පෝලිමේ තිබෙන ආනයන බලපත්‍ර 10,000 සඳහා එකවර අවසර නොලැබෙනු ඇති බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

එසේම අනෙකුත් වාහනද පාලනයක් සහිතව ආනයනය කරනු ඇතැයිද ආරංචි මාර්ග පැවැසුවේය.

 



අදහස් (6)

පෞද්ගලික වාහන ආනයන තහනම ඉවත් කිරීම කල් යයි

Giahn Sunday, 21 July 2024 02:14 PM

ජපානයේ කාර් එකක් ලංකාවට 10,00000 ගේන්න වැඩ පිළිවෙලක් හරි ගැසීම තමයි හොඳ. ත්‍රී වීල් එපා...

:       1       38

JanahithaMonday, 22 July 2024 01:18 AM

හා හා නොමිලේම ගෙනැල්ලා දේවි... ඩොලර් වැහි වැහැලා දැන් තියෙන්නේ...!

:       0       0

sugath Monday, 22 July 2024 03:26 AM

ගත්තු ණය ගෙවන්න ඩොලර් නැහැ. හැබැයි කාර් ගේන්ට ඩොලර් තියෙනවා...

:       0       1

Perera Monday, 22 July 2024 06:11 AM

ඒ වුණාට කතාව ආර්ථිකය ගොඩ දැම්මා කියලා...!

:       0       1

ජයනාත් Monday, 22 July 2024 06:33 AM

දැං කිවුවේ ආරංචි සුබයි කියලා . පච කෙලින කොට අහුවෙන්නේ නැති වෙන්න කියන්න ඕන .

:       0       2

sachith Monday, 22 July 2024 06:51 AM

මේක අලුත් දෙයක්ද කාලෙන් කාලේට වාහන සේල් කාරයෝ මේ වගේ පචයක් යවනවා... බයවෙලා විකුණන ටික අඩුවට ගන්නවා ඊට පස්සේ ඉතින් අබසරණයි වාහනයක් ගන්න ඉන්න මනුස්සයෙක්ට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site