(නිමන්ති රණසිංහ)
රුපියල් කෝටි 91ක මුදලක් වංචා කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මහරගම පෞද්ගලික බැංකුවක අධ්‍යක්ෂකවරයෙකු ලබන 8 වෙනිදා වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගතකිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මහරගම වත්තේගෙදර පදිංචි ප්‍රියංක කුමාර (44) නැමැති නැමති අයෙකි.
මෙම සැකකරු 2017, 2018 යන වර්ෂවලදී දිවයින පුරාම පැවති අදාළ පෞද්ගලික බැංකුවේ ශාඛා මඟින් මෙම මුදල වංචා සහගත ලෙස ලබාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
සැකකරු බිබිල ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
අදාල බැංකුවේ තැන්පත් කරුවන් විසින් මෙම මුදල් තැන්පත් කර ඇති අතර ඒවා සැකකරු වංචනික ලෙස ලබාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය සිදු කර තිබේ.

2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1703
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පෞද්ගලික බැංකුවකින් කෝටි 91ක් වංචා කළැයි එහි අධ්‍යක්ෂවරයකු රිමාන්ඩ්
MO77 Thursday, 27 May 2021 05:47 AM
බැංකු නම මෙහි නොතිබුණත් පුද්ගලයාගේ නම එහි තිබීම ගැන මම පුදුම වෙමි.
NisalaThursday, 27 May 2021 07:41 AM
ඔබ නිවැරදියි.
ගමේ එකාලා Thursday, 27 May 2021 08:13 AM
හොද වැඩ්ඩෙක් වගේ .දුෂිත දේෂපාලුවන් ආදර්ෂයට අරන්ද දන්නේ නැ.
Ruwan Thursday, 27 May 2021 10:52 AM
දේශපාලනයේ වගේම මාධ්‍යත් එය මේ ලංකාවේ ස්වභාවය
බුද්ධික Thursday, 27 May 2021 11:28 AM
මේක බැංකුවක් නෙවෙයි සමිතියක්
Ekanayake Thursday, 27 May 2021 05:15 PM
ඔහුගේ දෙමව්පියන්ට, මාතෘ භූමියට සහ තමන්ගේ රැකියාවට ගරු නොකරන මිනිසුන් වෙනුවෙන් මේ පොළොවේ ජීවත් වීමට වලංගු හේතුවක් මට සාධාරණීකරණය කළ නොහැකිය.
Nihal Friday, 28 May 2021 09:51 AM
මහ බැංකු වංචාවේ ලොක්කා එක්ක දැන් හිරේ එකට ඉඳියි.... හොඳ වැඩේ...