IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පුතා පියා ඝාතනය කරයි

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

අවුරුදු 83 වයසැති පියාට පිහියකින් ඇන ඝාතනය කළේ යැයි කියන 43 පුතා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ මිනුවන්ගොඩ වෑගොව්ව චාමල් මාවතේ පදිංචිව සිටි නිශ්ශංක පතිරණලාගේ ජිනදාස නැමැති සිව් දරු පියෙකි.

මරණ කරුගේ බිරිඳ මිය ගොස් ඇති අතර මිරිස් මෝලක් පවත්වාගෙන යමින් ජීවිකාවගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වසර ගණනාවක සිට කිසියම් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටින අයකු බව පවුලේ අය පවසන්නේ යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පියාගේ පිට ප්‍රදේශයට පිහියකින් ඇනීමෙන් පසු ඔහු බරපතළ තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී  මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි

 



අදහස් (2)

පුතා පියා ඝාතනය කරයි

උපාසක Sunday, 22 January 2023 11:56 PM

අනේ මිනිසුනේ කොහේ යන්නද මේ අපරාධ කරලා.. දෙමව්පියන්ගෙන් කරදරයි නම් ඉවත්වෙලා පලයල්ලා වෙන තැනකට. පාරේ හිටියත් සැපයි ඔයවගේ ආනන්තරීය පාපකර්ම කරලා අවීචියේ යනවට වඩා... ඉතිරි කාලේ මෙලොවත් දුකෙන්, මරණෙන් පස්සේ අනිවාර්යෙන් අපායේ දුක..... මියගිය පියතුමාට නිවන්සුව පතමු.!

:       0       0

Lalith M Monday, 23 January 2023 07:42 AM

ඕනම මිනිමරුවෙක් මානසික ලෙඩෙක් කියලා උන්ගෙන් ප්‍රතිලාභ ලැබෙන ඥාතීන් කියන තත්ත්වයට ලංකාව පත්වෙලාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site