IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පොතුවිල් පුරාවිද්‍යා ඉඩම් බලධාරීන් බෙදාගෙන

 

(යොහාන් භාසුර)

පොතුවිල් ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක් වන මුහුදු මහා විහාරයේ වසර 2200 කට වඩා පැරණි පුරාවස්තු අන්තවාදීන් විනාශ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බලධාරීන් මුදලට සහ ඡන්දවලට යටවී නීතිය ක්‍රියාත්මක නොකර බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.
නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් පුරාවස්තු සංහාරයට ඉඩදී බලාසිටින බව කී මන්ත්‍රීවරයා භික්ෂූන් වහන්සේලාට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පුරාවිද්‍යා ස්ථානවල නිලභාරකරුවන් හැටියට බලයක් දෙන්නේ නම් එම විහාරස්ථානයේ වහන්සේලා ස්වේච්ඡාවෙන්ම පුරාවස්තු රැකගැනීම සූදානම් බව ද සඳහන් කළේය.
පොතුවිල් ප්‍රදේශයේ පිහිටි තර්ජනයට ලක්ව තිබෙන පුරාවිද්‍යාත්මක වටිනාමක් ඇති ස්ථාන පිළිබඳව සොයා බැලීමට එම ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා එසේ පැවසීය.
සෙංගමුව වන රක්ෂිතයට අද වන රක්ෂිතයක් නොමැති තත්වයට පත්ව ඇති බවත් ප්‍රාදේශීය ලේකම් සහ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇතු`ළු බලවතුන්ගේ අනුග්‍රහයෙන් වනය සම්පූර්ණයෙන්ම කපා ගම්මාන පිට ගම්මාන ඉදිකර ඇති බවත් ඒ මහතා කීය.
පුරාවිද්‍යා රක්ෂිතයේ ගල් ටික ගලවා එක තැනකට එකතු කර, ඇතැම් ඒවා කළපුවට විසිකර ඇති බව කී ඒ මහතා පුරාවිද්‍යා රක්ෂිතයේ මායිම් ගල් ඉවත් කර ලෙන් විහාර සහිත පුරාවිද්‍යා බිම විනාශ කර ඇති බව ද වැඩි දුරටත් සඳහන් කළේය.  

 



අදහස් (8)

පොතුවිල් පුරාවිද්‍යා ඉඩම් බලධාරීන් බෙදාගෙන

කිරිපුතා Sunday, 17 September 2023 02:31 PM

රටට හරි හමන් සිංහල බෞද්ධ නායකයෙක් ඕනෑ. එහෙම කෙනෙක් පේන තෙක් මානෙක නෑ. එය කණගාටුවට කාරණයක්...!

:       6       14

PereraMonday, 18 September 2023 05:46 AM

කිරිපුතා, සිංහල බෞද්ධ නොවන නායකයින් ඉන්න රටවල් ලංකාවට වඩා බොහෝ සෙයින් දියුණු ඇයි කියලා හිතුණාද?

:       0       1

Always break down Sunday, 17 September 2023 03:43 PM

අන්න ඡන්දයක් අතළඟ... කට්ටිය ඵළිපිට වැඩ..

:       5       8

සිල්වා Sunday, 17 September 2023 04:48 PM

ඔය පරණ සංගීතයට නැවතත් මේ රටේ ජනතාව මුලාවී නැටුවා නම් ඔක්කෝටම අබසරණයි.

:       7       5

කුෂාන් Sunday, 17 September 2023 04:50 PM

අරගලයෙන් සිංහල බෞද්ධ නායකයන් එලෙව්වේ අන්තවාදීන්ට ඔය ටික කරගන්න තමයි. ඒක නොතේරෙන හරක් ඒකට උල්පන්දම් දීලා අන්තවාදීන්ට ඕනේ දේම කළා. 2015දී යහපාලනයට සහයදුන් සියළුදෙනා රටට වූ මේ විනාහයට වගකිව යුතුයි. ඔවුන් හුඟක් දැන් පිට රටවලට ගිහින් ඒ වන්දිය ගෙවනවා...

:       6       13

Bamunuarachchi Sunday, 17 September 2023 05:44 PM

දැන් පාහර ජෙප්පෝ කියයි මේක ජාති වාදය කියලා....

:       8       12

Rana Sunday, 17 September 2023 08:06 PM

වර්තමාන ජනාධිපතිට ඔය නැගෙනහිර වන රක්ෂිතවත්, පුරාවිද්‍යා රක්ෂිතවත් වැඩක් නැහැ. එයාට ඕනේ එන පාර ඡන්දෙදී තමුන්ට වැටෙන ඡන්ද ගොඩ කොහොමහරි වැඩිකරගන්න විතරයි...!

:       3       14

Nimal Monday, 18 September 2023 09:49 AM

එතන බලුවත් හොරකම, මෙතන බලුවත් හොරකම..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site