IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාතාලය මට්ටු කරන මෙහෙයුම ඇරඹෙයි

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

පාතාලය මර්දනය කිරීම සඳහා අද සිට විශේෂ මෙහෙයුමක් අරඹන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත්තේ පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදීය.

දිවයින පුරා පාතාල ලෝකයේ ක්‍රියාකාරකම් වැඩි වීම සැලකිල්ලට ගෙන අමාත්‍යවරයා මේ තීරණය ගෙන ඇත.

පාතාලයට සම්බන්ධ මිනීමැරුම් කිහිපයක්ද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පසුගිය දිනවල වාර්තාවිය.

ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතවද පාතාල ලෝකයේ ක්‍රියාකාරකම් පසුගිය දිනවල තදින්ම ඉස්මතුව තිබිණ.

 



අදහස් (8)

පාතාලය මට්ටු කරන මෙහෙයුම ඇරඹෙයි

sachith Saturday, 27 August 2022 08:06 PM

තවත් නාට්‍යයක් මේ ආකාරයෙන් ආරම්භ වූ වගයි...

:       1       1

samaadi Saturday, 27 August 2022 09:09 PM

පාතාලය කියන්නේ දියවන්නාවේ පස්ස දොර නේද?

:       0       2

Kumar (Gulf) Saturday, 27 August 2022 10:21 PM

ජොබ් එක දෙන්න ඕනේ ‘‘අලිබබා සහ හොරු 40‘‘ කියලා..

:       0       1

කිරි පුතා Saturday, 27 August 2022 10:24 PM

පාතාලයන් කියන්නේ දේශපාලකයින්ගේ හෙන්චයියන්... ඒ නිසා වැඩේ කරන්න දෙයිද දන්නේ නෑ. අතරමග නතර කරන්න ඉඩ තියෙනවා..

:       0       2

චතුරි Sunday, 28 August 2022 12:08 AM

ගෝඨා ආවාම ඔය තනතුර එයාට දෙන්න. සුදුවෑන් දමලා. ලස්ස්නට වැඩේ කරයි. එයාට පුළුවන් ඒ වගේ දේවල් මිසක්... ජනාධිපතිකම නොවේ.

:       0       6

Kumara Sunday, 28 August 2022 12:41 AM

පාතාලය මට්ටුකරන්න පළමුව. කාක්කවයි, මෙයාවයි මට්ටුකළ යුතුයි.

:       0       9

surasena Sunday, 28 August 2022 04:57 AM

පාතාලයේ අත්තිවාරම රටේ දේශපාලනය නේද?

:       0       8

Senaka Sunday, 28 August 2022 09:44 AM

අනේ මෙයාලාගේ පාතාල මර්දනේ.. දැන්ද මතක් වුනේ.. ඒකත් කටින් බතල තමයි. සරත් වීරසේකර හිටපු කාලේ නම් මීඩියාවල දකින්නේ පාතාල කෙරුමෝ අවසන් ගමන් ගියපුවා. අද දකින්නේ පාතාලේ අය බය නැතුව ගෙදරටම ඇවිත් වෙඩි තියලා, කපලා, කොටලා යන එක විතරයි. අරගලේ සිස්ටම් චේන්ජ් එක තමයි ඔය...

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site