IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පාතාලය ගැන පොලිසියෙන් හෙළිදරව්වක්

(සුජිත් හේවාජුලිගේ)

විවිධ අපරාධ කර මෙරටින් පලා ගිය පාතාල ක්‍රියාකාරීන් හතළිහකට ආසන්න පිරිසක්  ඩුබායිහි  සහ  ප්‍රංශයේ  මහල් නිවාස  හතරක  සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වලින් පැවසේ.

මේ පිරිස්  අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරගෙන යන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පාතාල ක්‍රියාකාරකම් වැඩි වශයෙන් සිදුවන  පොලිස් වසම් 43ක් හඳුනාගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

එම වසම්  43ම ඇත්තේ බස්නාහිර සහ දකුණු පළාතේ බවත්  එම වසම් 43 සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බවත් එම නිලධාරියා කීවේය.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පාතාල ක්‍රියාකාරකම් ඉතාම අඩු බවද  ඔහු සඳහන් කළේය.

රටේ පාතාල ක්‍රියාකාරීන් 1091 පමණ සිටින බවට හඳුනාගෙන ඇතැයිද  පොලිසිය පවසයි.

මේ අතර පාතාල ක්‍රියාකාරීන් පිරිසක් කංජිපාණී ඉම්රාන්  සේ විදේශ රටවල පුරවැසි භාවය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවටද රජයේ බුද්ධි අංශ වලට තොරතුරු ලැබී ඇත.

මේ අතර කෝටිපති ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත  ඝාතනය කිරීමෙන් පසු  බන්ධනාගාරගතව සිටින  පාතාල ක්‍රියාකරුවන් අතරද විවිධ ගැටුම් ඇතිවී තිබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ගවලින් පැවසේ.



අදහස් (4)

පාතාලය ගැන පොලිසියෙන් හෙළිදරව්වක්

fairoos Wednesday, 17 July 2024 12:38 PM

මෙහෙමත් පොලිසියේ ඕවා කියවා කියවා ඉන්නේ නැතුව වැඩේ කරන්න ඕනෑ

:       6       26

Kamal Koyrala Wednesday, 17 July 2024 12:38 PM

පාතාල ක්‍රියාකාරීන් හතළිහකට ආසන්න පිරිසක් ඩුබායිහි සහ ප්‍රංශයේ මහල් නිවාස හතරක සිටින පිරිස් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරගෙන යන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය බාල ගිරි දෝෂය අද නොවේ හෙට

:       4       22

Nimesh Wednesday, 17 July 2024 01:41 PM

මෙරටට ගෙන්වා ගත්ත කියල වැඩක් තියනවද ? අපරාදේ ඒ සඳහා වියදම් කරන අපේ බදු සල්ලි , ගෙනත් ටික දවසක් මෙහෙ තියන් ඉඳල ආපහු ඇප දීල පිටරටකට යන්න පහසුකම් සලසලත් දෙනවනේ

:       3       26

ABS Module Thursday, 18 July 2024 05:07 AM

එල මචංලා. අපි මොනවා හරි කරන්න බලන්නම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site