IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


’’පාතාලයට රාජ්‍ය ආයතනවල සහාය ලැබෙනවා’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාතාල කල්ලිවලට සමහර රාජ්‍ය ආයතනවල සහාය ලැබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (21)  පැවසීය

සමහර පාතාල කල්ලි නිර්මාණය වූයේ දේශපාලන අනුග්‍රහය ඇතිව බවද ඔහු කීය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පාතාලයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විශේෂ  ප්‍රකාශයක් කරමිනි.

ආනන්ද විජේපාල මහතා මෙසේද පැවසීය

උසාවියේ  වෙඩික්කරු  සිද්ධිය වී පැය අටක් ඇතුළත අත්අඩංගුවට ගෙන තිබෙනවා. පරීක්ෂණය ඉතා ශක්තිමත්ව සිද්ධ වෙනවා.  මීට ස්වල්පය මොහොතකට පෙර මිදෙණියේ ඝාතනයේ සැකකරුවන්ද  අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජීවන් ප්‍රසාද් කුමාර,  ප්‍රභාත් තුෂාර පොලිස් කොස්තාපල් ජනක ප්‍රසාද්  මෙසේ අත්අඩංගුවට ගෙන අැති අය. මෙය අධිකරණයක් ඇතුළත සිදු වූ පළමු සිද්ධිය නොවෙයි.  නමුත් එහෙම කියලා මේ සිද්ධිය ලඝු කරන්න සූදානම් නැහැ.

පාතාල කල්ලි නිර්මාණය වුණේ දේශපාලන අනුග්‍රහය ඇතිවයි. සමහර කල්ලි වලට දේශපාලන රැකවරණ ලැබුණා. එදා සමහර ක්‍රීඩකයන් සහ  මාධ්‍යවේදීන් ඝාතනය වුණා. අද වෙනතුරු ඒ අපරාධවල වින්ඳිතයන්ට යුක්තිය ඉෂ්ට වී නැහැ. අපි යුක්තිය ඉෂ්ට කරන්න මැදිහත් වෙලා ඉන්නවා.

අපේ මන්ත්‍රීවරුන් පාතාලය සමග සම්බන්ධතා පවත්වන්නේ නැහැ. පොලිසියට පාතාලය සම්බන්ධයෙන් කටයුතු කරන්න නිදහස ලබාදී තිබෙනවා. පරීක්ෂණ දේශපාලනයෙන් තොරව සිද්ධ වෙමින් පවතිනවා.

විනිසුරුවරුන්ගේ ආරක්ෂාව ගැටළුවක් මතුවෙලා නැහැ. ඒ ආරක්ෂාව ඒ ආකාරයටම දෙනවා. මිනිසුරුවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ සභාවේදී  සමහරැ මතු කරපු තොරතුරු සත්‍යයෙන් තොරයි.

අධිකරණයේ සිදු වූ වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා මට වාර්තාවක් ලබාදී තිබෙනවා. වෙඩික්කරු සමග පැමිණි කාන්තාවඅත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වනවා. සිද්ධියට පොලිස් නිලධාරියකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙඩික්කරු ශ්‍රී ලංකා යුද හමුදාවේ තුන්වෙනි  කොමන්ඩෝ රෙජිමේන්තුවේ සෙබළෙකු ලෙස කටයුතු කර 2024 මැයි මාසයේදී පොදු සමාව යටතේ ඉවත්වී තිබෙනවා.  ඒ බව තහවුරු කර ගැනීමට යුද හමුදා  වැටුප් ලේඛන අංශයට වාර්තා යොමු කරලා තියෙනවා. පාතාල ක්‍රියාකාරකම් සඳහා  සමහර රාජ්‍ය ආයතන වල සහාය ලැබෙන බව තොරතුරු වාර්තා වෙලා තිබෙනවා.

විශේෂයෙන් පොලිසිය. මේ රටේ ජාතික ආරක්ෂාවට හානි වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. දැනටමත් බොහෝ ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා.



අදහස් (7)

’’පාතාලයට රාජ්‍ය ආයතනවල සහාය ලැබෙනවා’’

Asela Friday, 21 February 2025 05:16 PM

මේක හෙළිදරව් කළාට ස්තූතියි. වෙන කිසිම දේශපාලනඥයෙකුට කතා කරන්න ධෛර්යයක් තිබුණේ නැහැ. දැන්, ඔබ මේවා දන්නවා නම්, ඔබේ රජයට FBI වැනි පුළුල් බලතල ඇති මේ ගැන විමර්ශනය කිරීමට බලය ලබා දෙන ස්වාධීන ආයතනයක් පිහිටුවිය හැකිද?

:       40       14

ගුණරත්න Friday, 21 February 2025 05:22 PM

මේ මාස දේකට මිනී මැරුම් 80ක් වුණා. ඒත් කයියෝ ටික නම් කියන්නේ නෑ. එහෙම නැහැ ඔක්කොම හොඳයි. හොඳට වෙනවා කියලා, අපිට කයි වලින් වැඩක් නැහැ.

:       15       65

ජිල්බු Friday, 21 February 2025 06:57 PM

කලින් හිටපු අය හරියට රට කෙරුව නම් කයියන්ට ඉඩක් ලැබෙන්නේ නෑ. ආර්ථික ඔස්තාර්ලා, රජ පිස්සෝ, මෝඩ කුමාරවරු වගේ මැතිතුමාලා හින්දා තමයි මේ විදියට අද දවස හැදිලා තියෙන්නේ...!

:       3       4

ලංකාව හන්දියේ බකල ජයා Friday, 21 February 2025 06:31 PM

ගෝනවල සුනිල්ගෙන් තමයි රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්න පටන්ගත්තේ. ඊට පස්සෙ ඕ අයි සී ගේ පුටුවල වාඩිවුන අය, ජනාධිපති ආරක්ෂක හැඳුනුම්පත් මැර වැඩවලට පාවිච්චි කරපු අය, ආරක්ෂක අංශ තමන්ගේ පුද්ගලික පලිගැනීම් වලට ගත්තු අය, රහස් වහන්න ඝාතකයෝ ඝාතනය කරපු අය වගේ පුද්ගලයින්ගෙන් දේශපාලන ඉතිහාසේ වගේම වර්තමානයද පිරිලා. මේ ඔඩුදුවලා තියෙන පිළිකාව සෑහෙන කාලයක් යයි පාලනය කරගන්න. නැත්නම් හොඳකර ගන්න....

:       2       2

සෙනෙවිරත්න Friday, 21 February 2025 07:16 PM

මාස දෙකට මිනීමැරුම් 80 ක් වෙන්න ඇති තමුන්ලා රැක්ක බස්කාරයෝ මගමරපු අහිංසක මිනිස්සුත් එක්ක. ඒත් එච්චර නැහැ. පාතාලයින් රැකපු ඔවුන්ට කතිරේ ගහලා දැන් මෙතැන රඟන්නේ පාතාලය මාස දෙකෙන් හැදිච්ච දෙයක් වගේ...

:       22       14

රටවැසියා Friday, 21 February 2025 08:25 PM

රටේ දැන් මිනිසුන් මරන්නේ එක්දින සීමිත ඕවර තරග වගේ.

:       1       24

ddsFriday, 21 February 2025 09:45 PM

ඒ ටීම් වලට ගන්නේ පාතාලයින්ව විතරයි.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 416 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 701 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 436 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 722 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1344 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 631 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1304 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1551 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 401 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site