IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පෙතියාගොඩ සංක ගිනි අවියක් සමඟ අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

පාතාලයේ ක්‍රියාකාරකම් රැසකට ඍජුව සම්බන්ධ වූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන ලියනගේ හර්ෂ චතුරංග පෙරේරා නොහොත් "පෙතියාගොඩ සංඛ" නැමැත්තා සහ තවත් පුද්ගලයන් දෙදෙනෙක්  විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය

එම සැකකරුවන් සමඟ ටි 54 වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ පහක් සහ ජංගම දුරකථන දෙකක් පොලිසිය භාරයට ගෙන ඇත

පොලිස් විශේෂ කාර්යය බලකා  බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් ලද තොරතුරක් අනුව පෙතියාගොඩ සංඛ නමැත්තා මුල්ලේරියාව නවනගරය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී  අපරාධ සඳහා යොදා ගත් ගිනි අවිය  පරකඩුව ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකුට ලබාදී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි

එම ගිනි අවියත් රැගෙන ත්‍රීරෝද රථයකින්  සැකකරුවන් දෙදෙනා ඇහැලියගොඩ  රත්නපුර මාර්ගයේ ත්‍රී රෝද රථයකින් පැමිණෙමින් සිටියදී ගල් පුස්සැල්ල වතුයාය ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 25 40 අතර පසුවන්නේය

සැකකරුවන් තිදෙනා ම වැඩිදුර විමර්ශන සඳහා ඇහැලියගොඩ පොලිසියට භාර දී ඇත

විශේෂ කාර්ය බලකා අණදෙන  නිලධාරී පොජ්ජ පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර  මහතාගේ මෙහෙයවීමෙන් බුද්ධි කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක කේ එස් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගත්හ



අදහස් (0)

පෙතියාගොඩ සංක ගිනි අවියක් සමඟ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site