
(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච් චන්දන )
පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිළධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් අශෝභන හා කලහාකාරි ලෙස හැසිරුණු භික්ෂුවක් හා තවත් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම පාලවිය ප්‍රදේශයෙ පදිංචිකරුවන් දෙදෙනෙකු හා එම ප්‍රාදේශයෙම රජයට අයත් ඉඩමක නීති විරෝධී ඉදි කිරීම් හා එළි පෙහෙලි කටයුතු වල නිරත වු එම ආගමික ස්ථානයෙ මේ වන විට රැදි සිටින භික්ෂුවක් බව පොලිසිය කියයි.
රජයට අයත් මෙම ඉඩම තුළ වසරකට වැඩි කාලයකදි පාලවිය නගරය ආසන්නයෙ පිහිටි රජයට අයත් ඉඩමක නීති විරෝධීව අත්පත් කර ගනිමින් එහි ආගමික ස්ථානයක් ඉදි කිරීම සම්බන්ධව පුත්තලම ප්‍රාදේශීය ලේකම් වරයා විසින් පුත්තලම අධිකරණයෙ නඩුවක් පවා පවරා ඇති තත්වයක් තුළ නැවතත් එම ස්ථානයෙම තවත් ඉදි කිරීමට සිදු කිරීම හා තවත් භුමිය අත් පත් කර ගනිමින් සිදු කරන එළි පෙහෙලි කිරීම ගැන අදාල එම ඉදිකිරිම් වල නිරත පිරිස් වෙත චෝදනා එල්ල වි තිබේ.
එවැනි තත්වයක් තුළ 9 දින දහවල් මෙම ආගමික ස්ථානයෙ භික්ෂුවක් හා තවත් කිප දෙනෙකු පාලවිය ග්‍රාම නිළධාරි කාර්යාලයට කඩා වැදි ග්‍රාම නිළධාරී වරයාර මර්ණීය තර්ජනය කරමින් පහත් ලෙස හැසිරි ඇති බව කියයි.
ඒ පිලිබදව පාලවිය ග්‍රාම නිළධාරී වරයා විසින් කඩිනමින් පුත්තලම ප්‍රාදේශීය ලේකම් සම්පත් විරසේකර මහතා දැනුවත් කිරීමට කටයුතු කිරීමෙන් පසු අදාල ආගමික ස්ථානයට පුත්තලම ප්‍රාදේශීය ලේකම් වරයා සමග පරිපාලන ග්‍රාම නිළධාරී ,පාලවිය ග්‍රාම නිළධාරි හා තවත් නිළධාරී කිප දෙනෙකු පැමින සිද්දිය විමසිමට සුදානම් වී ඇති බව කියයි.
එහිදි ඒ වන විටත් පාලවිය ග්‍රාම නිළධාරීවරයාට බැන වැදුන භික්ෂුව හා අනෙක් දෙදෙනා නිළධාරීන්ට හිතා ගත නොහැකි ලෙස පහත් ලෙස බැන වදිමින් තියුණු ආයුධ හා ලි මුගුරු රැගෙන ප්‍රාදේශීය ලේකම් වරයා ඇතුළු පිරිසට පහර දීමට පහත් ලෙස හැසිරි ඇති අතර එහිදි තම දිවි බේරා ගනිමින් ප්‍රාදේශීය ලේකම් වරයා ඇතුළු නිළධාරීන් පැමිනි වාහන වලට දිව ගොස් පිටව ගොස් ඇති තිබේ.
ඉන් පසුව පුත්තලම ප්‍රාදේශීය ලේකම් වරයා හා ග්‍රාම නිළධාරී වරයා ඇතුළු පිරිස පුත්තලම මූලස්ථාන පොලිසියට පැමිනිලි කිරීමේන් පසු සිද්දිය සම්බන්ධ සැකකාර භික්ෂුව හා තවත් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනිමට අද කටයුතු කර තිබුනී.
පුත්තලම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙ සියලුම නිළධාරීන් අද(10) එම සිදුවීම් වලට විරෝධය පාමින් නිහඩ විරෝධයක් සුදානම් කර තිබු අතර එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට සංවිධානය කර තිබුනී.

2025 නොවැම්බර් මස 04
315
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2131
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුත්තලම ප්‍රා.ලේ.ගේ රාකාරියට බාධා කළ හිමිනමක් ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට
ජයනාත් Friday, 10 January 2025 03:28 PM
පාලවිය සිට පුත්තලම දක්වා පාර දෙපස විශාල ලෙස ජනාකීර්ණ වෙලා තියෙන්නේ... එහි දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් කොපමණ ප්‍රමාණයක් විවිධ අය අල්ලගෙන ඉන්නවාද..? ඒකට ගත් ක්‍රියා මාර්ග මොනවාද?
mangala Friday, 10 January 2025 04:11 PM
වෙන ආගම් වල නීති විරෝධී ඉදිකිරීම් වලට නෑසූ කන්ව සිටින නිලධාරීන් බුදුපිළිමයක් දැක්කාම නැට්ට උස්සගන්නේ මොකද?