IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පණුවොත් එක්ක රටඉඳි කවන්න බැරිවෙයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ තිලකරත්න දිසානායක)

මීරිගම කල්එලිය ප්‍රදේශයේ  කේක් නිෂ්පාදනය සඳහ පළතුරු සකස් කරන ආයතනයක කල් ඉකුත් වූ හා පනුවන් සහිත රට ඉදි තොගයක් වෙළද පොළට නිකුත් කිරීමට සකස් කරමින් තිබියදී   අද ( 18)  ගම්පහ පාරිභෝගික අධිකාරියේ විශේෂ විමර්ශන නිළධාරීන් පිරිසක් විසින් වටලනු ලැබීය.

ගම්පහ පාරිභෝගික අධිකාරියේ නිළධාරීන්ට ලද තොරතුරක් මත මෙම ආයතනය වටලන  අවස්ථාවේ එහි නිෂ්පාදන කටයුතු  සිදු වෙමින්  පැවති බව හෙලිවිය.

කල් ඉකුත්වී පනුවන් ගසන ලද  රට ඉදි කිලෝ 750ක් පමණ කර්මාන්ත ශාලාව තුළ තිබියදී සොයා ගැනීමට  මෙම වැටලීම කල  නිළධාරීන්ට හැකිවී ඇත.

මෙහි සකස් කරන ලද පලතුරු,  කේක් සෑදීම සදහා කල්මුනේ  ප්‍රදේශයටත්  අවට ප්‍රදේශ වල බේකරි වලට සහ සහ වෙළද සැල් වලට ද බෙදාහැර ඇති බව  මූලික පරීක්ෂණ වලදී අණාවරනය වී ඇත. 

ඉතා අපිරිසිදු පරිසරයක්තුල  පළතුරු සකස් කිරීම් මෙම කර්මාන්ත ශාලාවතුල සිදු වී ඇති අතර පළතුරු නිෂ්පදන භාජන තුලට විවිධ කෘමි සතුන් වැටි එම සතුන් සමගම පලතුරු අඹරා අති ආකාරය දැකගත හැකිවූ බව පාරිභෝගික සේවා නිලධාරීහු  පැවසූහ

කොළඹ පිටකොටුව ප්‍රදේශයෙන් මිළදී ගන්නා නරක් වූ රට ඉදි  මෙම ස්ථානයට ගෙනවිත් නැවත සකස් කර වෙළද පොළට නිකුත් කරන බව පාරිභෝගික අධිකාරියේ නිළධාරීන් සිදුකල ප්‍රශ්ණ කිරීම් වලදී හෙළි වී ඇත.

නිළධාරීන්  විසින් අයිතිකරුට එරහිව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කල අතර කර්මාන්ත ශාලාවේ වැඩ කළ සේවකයින් හතර දෙනෙක් නිළධාරීන් බාරයට ගෙන බැදුම් කරයක් මත නිදහස් කර හිමි කරුට  අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට දැනුම් දෙනු ලැබීය.

නිළධාරීන් භාරයට ගත් රට ඉදි තොගය මුද්‍රා තැබූ අතර අධිකරණ තීන්දුවක් ලැබෙන තුරු කර්මාන්ත ශාලාවේ ක්‍රියාකාරම් තහනම් කිරීමට නිළධාරීන් පියවර ගත්තේය.

 



අදහස් (1)

පණුවොත් එක්ක රටඉඳි කවන්න බැරිවෙයි

sam Friday, 19 May 2023 12:04 PM

මේ අය නම් මහා කාලකණ්ණි මිනිස්සු... රාජපක්ෂ මයිනා පවුල වගේම තමයි. සල්ලි හම්බ කරන්න නොකරන මගඩියක් නැහැ. හෙනම ගහන්න ඕනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site