(ඩයනා උදයංගනී)
භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් තලවතුගොඩ ප්‍රදේශයේ පිණ්ඩපාත චාරිකාවක නිරත වෙමින් දානය ලෙස තමන්ට ලැබුණු ආහාර පාන ඒ අසල තෙල් පෝලිම්වල දින ගණන් රැඳී සිටි පිරිස් වෙත බෙදා දුන් පුවතක් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වෙමින් පවතී.
මෙම භික්ෂූන් වහන්සේලා ජනතාව විසින් තමන්ට පූජා කළ ආහාරපාන තෙල් පෝලිම්වල සිටි අයට බෙදා දුන් බව එම පෝලිමක සිටි අයකු විසින් සිය මුහුණු පොතෙහි පළ කර තිබුණේ වීඩියෝ පටයක් ද සමඟිනි.
පණ්ඩුක සමරකෝන් නැමති ඔහු සිය මුහුණු පොතෙහි මෙසේ සටහන් තබා තිබිණි.
''පහල තියෙන වීඩියො එක අද උදේ ගත්තේ තෙල් පෝලිමේ ඉන්නකොට හාමුදුරුවෝ පිංඩපාතේ වඩිනවා තලවතුගොඩ පැත්තට. ඒ වෙලේ ලගපාත උන්වහන්සේලාට පූජා කරන්න දෙයක් තිබ්බේත් නැහැ. වාහනේට වෙලා ඉන්නකොට කව්ද වාහනේට තට්ට්ටු කළා. බලපුවම අර කලින් පිංඩපාතේ වැඩපු හාමුදුරුවන් .මම වාහනෙන් එලියට බැස්සම ආ මහත්තය කොහොමද මේව ගන්න කියල මුලින්ම යෝගට් එකක් දුන්නා. මම ළග කෑම තිබුණ නිසා එපා කියල කියල කීවත්. ගන්න ගන්න කියල වාහනෙන් තියල උන්වහන්සේ වැඩම කළා. ඒ හාමුදුරුවරුන් තමන්ගේ දානයට ලැබුනු දේවල් මේ විදියට දුන්නා. මට වැඩී අනික් අයට දෙන්න කියල කීවත් ගොඩක් හාමුදුරුවන් බිස්කට් එකක් හරි දීල ගියා"
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පිණ්ඩපාතයෙන් ලැබුණු දානය තෙල් පෝලිම්වලට
sharm warn Monday, 27 June 2022 10:43 AM
අති ගෞරවනීයයි අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේලා නියම බුද්ධ පුත්‍රයින්...!