(අංජුල මහික වීරරත්න)
අහස් වැස්සෙන් පෝෂණය වන කුඩා පරිමාණයේ ග්‍රාමීය වැව් 487 ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට අවසන් කොට ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසු එම වැව් වල පිරුණු ජල ධාරිතාවට වඩා අක්කර අඩි දස දහසකින් ඉහළ ගොස් ඇතැයිද අමාත්‍යවරයා කීය.
දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය යටතේ මෙම වැව් පිළිසකර කර තිබේ.
මෙම කුඩා වැව් සියල්ලටම අලුතින් එකතු වූ ජල පරිමාණය යෝධකණ්ඩිය ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාවට සමාන වන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම වැව් පිළිසකර කිරීම සඳහා රුපියල් කෝටි 45 ක් වැය කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූයේ ලබන කන්නයේ නියං තත්ත්වයක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇති හෙයින් කුඩා වැව්වල පිරුණු ජලයෙන් මුං ඇට, බඩ ඉරිඟු ආදී භෝග වගාව සඳහා ජලය ලබා දිය හැකි බවයි.
2025 දෙසැම්බර් මස 18
137
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොඩි වැව් 487 ක අක්කර අඩි දස දහසක් පිරෙයි
Chamila Fernando Monday, 01 January 2024 03:14 PM
දේශපාලනයකින් තොරව, මේ ඇමැතිතුමා කරන වැඩ පිළිබඳව පැහැදීමක් තියෙනවා. පක්ෂය මොකක් වුණත් රටට අවංකව වැඩ කරනවා නම් අපේ ආචාරය..!
wedageMonday, 01 January 2024 04:35 PM
මේ වැව් පුරවලා තියෙන්නේ මේ ඇමැති වගේ නෑ... කතා කරන්නේ මෝඩ ඇමැතිවරු...