IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පොඩි ලැසීට චෝදනා බාර දෙයි

(ඩී.ජී.සුගතපාල)

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කොට තවත් අයට තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් දරුණු ගණයේ සංවිධානාත්මක අපරාධකරුවකු වන අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් පොඩිලැසි ඇතුලු විත්තිකරුවන් පස් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවට අදාල අධි චෝදනා දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු කාවින්ද්‍යා නානායක්කාර මහත්මිය හමුවේ බාරදෙනු ලැබිය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස අරමාහන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසි, තුයියා හන්දි ප්‍රියංකර හෙවත් හිච්චා, මෙරිඤ්ඤ ශ්‍රි මාල් තුෂාර හෙවත් තට්ටයා,ලද්දු සුරාජ් සමින්ද ලක්ෂාන් හෙවත් බතා,කලුදුර උදාර සම්පත් යන විත්තිකරුවන් පස් දෙනා නම්කර ඇත.

අධි චෝදනා බාරදෙන අවස්ථාවේ දෙවන විත්තිකරුවන තුයියා හන්දි ප්‍රියංකර හෙවත් හිච්චා සහ පස්වන විත්තිකරුවන කලුදුර උදාර සම්පත් යන විත්තිකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනි සිටියේ නැත. මේ නිසා එම සැකකරුවන්ට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම කරන ලද ඇප මුදල් රාජසන්තක ක‍ොට එය දඩ මුදලක් ලෙස අයකර ගැනිමටද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.

හික්කඩුව පොලිස් වසමේ වෑවල ලයන් පැරඩයිස් අවන්හල ඉදිරිපිටදි 2015 මාරතු 24වනදින හෝ ඊට ආසන්න දිනයකදි අගම්පොඩි මනෝජ් පුෂ්ප කුමාර යන අයගේ මරණය සිදු කිරිම,නිති විරෝධි රැස්විමක සාමාජිකයින් විම,එම ක්‍රියා කලාපයේදිම රන්දුනු සුසන්ත යන අයට වෙඩි තබා තුවාල සිදු කිරිම,එම ක්‍රියා කලාපයේදිම කලුමිත් සනත් වසන්ත යන අයට වෙඩි තබා තුවාල සිදු කිරිම ඇතුලු අධි චෝදනා හතක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

අධි චෝදනා බාර දිමෙන් පසු එක් අයෙකු රුපියල් 25000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ තුන බැගින්වු ශරිර ඇප දෙකක් මත මුදා හැරිමටද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.

 



අදහස් (0)

පොඩි ලැසීට චෝදනා බාර දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site