IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාඨලී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලියයි

(ඩයනා උදයංගනී)

ඉන්ධන මිල සූත්‍රය හා විදුලි බිල වැඩිවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකවලට අනුකූලදැයි විමසමින් 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය වෙත ලිපියක් යොමුකර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙම ලිපිය යොමුකර ඇත්තේ ආර්ථික ස්ථායීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙසිනි.  

ලංකා විදුලිබල මණ්ඩලය පෙබරවාරි 15 දා සිට විදුලි ගාස්තු වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදී ඇති නිර්ණායක පසුබිම් වී ඇති බව වාර්තා වී ඇතැයි ද මන්ත්‍රීවරයා සිය ලිපියෙහි සඳහන් කර ඇත.

භාණ්ඩාගාරය, රාජ්‍ය බැංකු හා මහ බැංකුව, තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධ මූල්‍ය ස්ථාවරකරණයන්ට නොයා වෙනමම ඒකක ලෙස ස්ථාවර කිරීමටයෑමේ ප්‍රතිවිපාක මේ වන විට රටේ ආර්ථිකයට හා ජනතාවට දැනෙමින් තිබෙන බවද එම ලිපියෙහි දැක්වේ.

අනාගතයේ දී මෙරට ආර්ථිකයේ සිදුවන බිඳවැටීමට අතාත්වික බදු සහිත ඉන්ධන හා විදුලිය අය ක්‍රමය අනිවාර්යෙන් වගවන අතර, එහි වගකීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එල්ලවීමද වැළැක්විය නොහැකි බව පාඨලී චම්පික රණවක මහතා සඳහන් කර තිබේ.

ඒ අනුව එල්ල වන ජනතා විරෝධය නිසා ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ණය ස්ථායිකරණ වැඩපිළිවෙල අවුල්වීමට ඉඩකඩ වැඩි බවද ඔහු දක්වා ඇත. 



අදහස් (8)

පාඨලී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලියයි

Rata Perata Thursday, 23 February 2023 05:04 PM

මේ වගේ බුද්ධිමත් විදිහට වැඩක් කරන්න පුළුවන් දේශපාලකයින් ඉන්නේ බොහෝම ටිකදෙනයි.. දැන් අපේ කිසිම ප්‍රශ්නයකට රටෙන් උත්තඑ නෑ... කරන්න තියෙන එකම දේ ජාත්‍යන්තරයට යනඑක විතරයි. අපේ රටේ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය සහ බොහෝ ජනමාධ්‍යය එකම හොර කල්ලියක කොටස්කරුවන්...

:       14       27

nimalThursday, 23 February 2023 06:21 PM

IMF හෝ වෙනත් ආයතන රටට මුදල් ලබාදීමට නම් රටේ ජාතික මැතිවරණයකින් පැහැදිලි පුර්ණ දේශපාලන වෙනසක් සිදුවිය යුතු බව සහ අධිකරණ චෝදනා නොමැති විශ්වාසනීය කණ්ඩායමක් සමග කටයුතු කිරීමට සූදානම් බව සහ විය යුතුබව කියා ඇත...

:       0       0

සුරලොව ඇල්මන්ගේ Thursday, 23 February 2023 06:23 PM

මොන බුද්ධිමතෙක්ද කියලා තේරෙන්නේ නැහැ.. මොකද ලිපියක් ලියන්නවත් නොදන්නා කෙනෙක් කියලා නම් ලියපු ලිපියෙන් පේනවා. බලන්න සාමාන්‍යයෙන් ලිපියක් ලියද්දී කෙනෙකුට ලියන්න ඕනෑ. මේක ලියා තියෙන්නේ කාර්‍යාලයකට. ඉතින් වැඩක් කෙරෙන්නේ කොහොමද? ලිපියේ ඊළඟට ආමන්ත්‍රණයක් ඇතුළත් කරන්න ඕනෑ.. ඒකත් නැහැ. ලැජ්ජයි මහත්තයෝ. ඒක එහෙම වුණාට මම කියන එකවත් හරියට ලියන්න දැනට ගොයම් කපන කන්නේ වෙනුවෙන් විදේශීය ආධාරයක් ගොවීන් වෙනුවෙන් ලංකාවට ලැබී තියෙනවා. ඒක විවිධ හේතු කියලා නොගෙවන්න ඇමැතිවරයා කටයුතු කරමින් ඉන්නවා... ඒක කියලා අදාල රට දැනුවත්කර එම මුදල් අපිට නොදෙනවා නම් ආපසු ගන්න කියලා ඉල්ලීමක් කරන්න හොඳේ...

:       0       0

Wimal de Silva Thursday, 23 February 2023 05:56 PM

IMF එකට සිංහලෙන් ලිපියක්...!

:       6       9

mpThursday, 23 February 2023 06:58 PM

ඒකත් ප්‍රශ්නයක් තමයි.

:       0       1

Nandasena grFriday, 24 February 2023 05:51 AM

ඉංග්‍රීසි එක්කම නේද ඔය තියෙන්නේ? එච්චර මෝඩද?

:       0       0

පුරවැසියෙක්... Thursday, 23 February 2023 07:04 PM

පාඨලී චම්පික රණවක මහතාට විදුලි බල සහ බලශක්ති සම්බන්ධයෙන් මනා අවබෝධයක් ඇත්තෙකි. මෙලෙස ඉදිරිපත් කොට ඇති කරුණු පිළිබඳව රජයේ අදාල බලධාරීන්ගේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන්ගේ විශේෂ අවධානය යොමු විය යුතු අතර මේ අනුව ජනතාවට දරාගත නොහැකි ජීවන බරට සහනයක් ලබා දීම විය යුතුයි.

:       4       13

Demuni de Silva Friday, 24 February 2023 04:49 AM

ශ්‍රී ලාංකීය පුරවැසියෙකුගේ යුතුකම ඔබ විසින් ඉටු කර ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site