IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පාඨලී ගේ ප්‍රතිපත්තිය රුසියාවට

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජනරජ පෙරමුණේ 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' ප්‍රතිපත්ති ප්‍රකාශය එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී  චම්පික රණවක මහතා විසින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S Dzhagaryan මහතාට පිළිගන්වනු ලැබීය.

ශ්‍රී ලංකාවේ රුසියා තානාපති කාර්යාලයේදී මෙම පිළිගැන්වීම සිදු කෙරිණි.

මෑතකදී ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණු රුසියානු සංචාරකයන් මුහුණ දුන් හිංසාකාරී සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් නිකුත් කරන ලද නිවේදනය සම්බන්ධයෙන් ද මෙහිදී රුසියානු තානාපතිවරයා  සිය කෘතඥතාව පළ කර තිබේ.

එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් මෙම අවස්ථාවට නායක පාඨලී චම්පික රණවක, පක්ෂයේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, දේශපාලන මණ්ඩල සභාපති කරූ පරණවිතාන, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී. මහලියනආරච්චි, උප සභාපති වෛද්‍ය හර්ෂ ගමගේ  මහත්වරු සහභාගී වූහ.



අදහස් (1)

පාඨලී ගේ ප්‍රතිපත්තිය රුසියාවට

Bamunuarachchi Sunday, 03 March 2024 05:18 AM

හලෝ ලෝකෙට බෙදන්න ඉස්සෙල්ලා රටේ ජනතාවට බෙදනවා. මේ රටේ ජනතාවයි ඔබ‍ට දෙනවා නම් ඡන්දේ දෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site