IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


පිටසක්වළ ජීවීන් ගැන නාසා වාර්තාව එළියට

ඇමෙරිකානු ජාතික ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරිපාලන අධිකාරිය හෙවත් ‘නාසා’ ආයතනය පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන විශේෂ අනාවරණයක් කළේය.

‘නාසා’ ආයතනය මෙම අනාවරණය කළේ පසුගිය දා මෙක්සිකෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පිටසක්වළ ජීවීන් යැයි සැක කෙරෙන සිරුරු සම්බන්ධයෙන් ලොව පුරා කතාබහක් නිර්මාණය වී ඇති මොහොතකය.
ඇමෙරිකාවේ නාසා ආයතනය දශක ගණනාවක් තිස්සේ, පියාඹන පීරිසි සම්බන්ධයෙන් දත්ත රැස් කරයි. ඇමෙරිකන් ගුවන් හමුදා බුද්ධි අංශයේ සහාය ද ඒ සඳහා ලබා ගනී.

නාසා ආයතනය ‘පියාඹන පීරිසි’ හඳුන්වන්නේ ‘හඳුනා නොගත් ආකාශ වස්තූන්’ යන නාමයෙනි. මෙම ‘වස්තූන්’, පැහැදිලි කළ නොහැකි අද්භූත සංසිද්ධියක් බව නාසා විද්‍යාඥයන් පිළිගෙන තිබේ.

නාසා ආයතනය, නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වන්නේ ‘හඳුනා නොගත් එම ආකාශ වස්තූන්’, පිටසක්වළ ජීවීන්ගේ පියාඹන පීරිසි යැයි කීමට හෝ එසේ නොවේ යැයි කීමට හෝ හැකියාවක් නැති බවය. ඊට අමතරව, මෙක්සිකෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අසාමාන්‍ය සිරුරු සම්බන්ධයෙන් නාසා ආයතනය කිසිවක් පවසා නැත.

‘පිටසක්වළ ජීවීන් සැබෑවක් යැයි කීමට හෝ පිටසක්වළ ජීවීන් බොරුවක් යැයි කීමට හෝ හැකියාවක් නැහැ. හඳුනා නොගත් ආකාශ වස්තූන් විශ්වයේ ඈත සිට පැමිණෙන පිටසක්වළ ජීවීන්ගේ අභ්‍යවකාශ යානා යැයි කීමට ප්‍රබල විද්‍යාත්මක සාක්ෂි මෙතෙක් හමුවී නැහැ. මේ දේවල් සම්බන්ධයෙන් දිගටම විමර්ශන කළ යුතුයි’ යැයි පිටසක්වළ පජීවීන් සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් නාසා විද්‍යාඥයන් ඔවුන්ගේ පිටු 36 කින් සමන්විත වාර්තාව අවසන් කරමින් පැහැදිලි කර තිබේ.



අදහස් (1)

පිටසක්වළ ජීවීන් ගැන නාසා වාර්තාව එළියට

චිචී Friday, 15 September 2023 02:00 PM

ඕක කියන්න නම් පිටු 36 ක වාර්තාවක් ඕනේද. ඕක කියන්න නාසා එකම ඕනේද. ඕක කව්රුත් දන්න එකක්.

:       6       42

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 362 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site