IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පිටසක්වළ ජීවීන්ගේ කතාව බොරුවක්ද?

මෙක්සිකෝවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කුඩා අසාමාන්‍ය සිරුරු පිටසක්වළයන්ගේ යැයි සෘජුව ප්‍රකාශ කිරීම වැරදි යැයි ඇමෙරිකාවේ චිකාගෝ නුවර මහාචාර්ය ජෝඩන් බ්‍රිම් මාද්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

ජෝඩන් බ්‍රිම් යනු පිටසක්වළ ජීවීන් සිටිනවාදැයි සොයන, විශ්වය සම්බන්ධයෙන් පර්යේෂණ කරන ලොව කීර්තිමත් විද්වතුන්ගෙන් කෙනෙකි.

පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන එම අසාමාන්‍ය කුඩා සිරුරු මෙක්සිකෝ කොංග්‍රස් මණ්ඩලය හමුවේ ප්‍රදර්ශනය කළේ  පිටසක්වළ ජීවීන් ගැන දශක ගණනක් තිස්සේ උනන්දුවක් දක්වන ජේමී මොසාන් ය.

පිටසක්වළ ජීවීන් සහ පියාඹන පීරිසි සම්බන්ධයෙන් තමන් විශේෂඥයකු යැයි කීවත්, ජේමී මොසාන් ට ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් නොමැති බවත්, ඔහු මාධ්‍යවේදියකු බවත් මහාචාර්ය ජෝඩන් බ්‍රිම් පවසා තිබේ.

ජේමී මොසාන් මෙක්සිකෝ පාර්ලිමේන්තුවට පැහැදිලි කළේ, ගවේෂණ කණ්ඩායමට හමුවුණු පොසිලකරණයට ලක් වුණු කුඩා සිරුරු දෙකකි. එම සිරුරු පාර්ලිමේන්තුවට ගෙනැවිත් ප්‍රදර්ශනය කෙරුණේ වීදුරු පෙට්ටි දෙකක තැම්පත් කරමිණි.

පිටසක්වළ ජීවීන් යැයි සැක කෙරෙන එම සිරුරු හමුවී ඇත්තේ පේරු රටේ කොස්කෝ පළාතේ ඇල්ගී ලෙනක සිදු කළ ​ගවේෂණයකදීය.

සිරුරු අළු පැහැතිය, මනුෂ්‍ය සිරුරකට වඩා ප්‍රමාණයෙන් කුඩාය, අත්වල ඇගිලි 3 කි. ප්‍රමාණයෙන් විශාල හිසට ඇත්තේ ලොකු ඇස් ය. දත් නැත.

ජේමී මොසාන්, පාර්ලිමේන්තුව හමුවේ වැඩි දුරටත් පැහැදිලි කළේ එම සිරුරු කාල නිර්ණ පරීක්ෂණවලට යොමු කළ බවත්, ඒවා වසර දහසක් පැරැණි බව එයින් තහවුරු වුණු බවත්ය.

‘කැඩ්මියම්’ සහ ‘ඔස්මියම්’ නමැති අති දුර්ලභ ලෝහ කැබැලි මෙම සිරුරුවලට බද්ධ කර ඇතැයි ද ජේමී මොසාන්, වැඩි දුරටත් පාර්ලිමේන්තුව හමුවේ පෙන්වා දී තිබේ.

ජේමී මොසාන් කළ මෙම අනාවරණය මේ වනවිට ලොව පුරා මහත් ආන්දෝලනයක් නිර්මාණය කර අවසන්ය. සමාජ මාධ්‍ය ඔස්සේ ද කසුකුසුවක් පවතී.

මෙක්සිකෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එම අසාමාන්‍ය සිරුරු පිටසක්වළ ජීවීන්ගේ යැයි සියයට 100 ක් සහතික කළ නොහැකි යැයි ජේමී මොසාන් අනාවරණය සම්බන්ධයෙන් ඇමෙරිකන් මහාචාර්ය බ්‍රිම් මෙසේ පැහැදිලි කරයි.

‘මෙක්සිකෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඒ අසාමාන්‍ය සිරුරු පිටසක්වළ​ ජීවීන්ගේ යැයි සෘජුව කීමට බැහැ. ඒවා ඉදිරිපත් කළේ විද්‍යාඥයකු හෝ විද්වතකු නොවෙයි. ජේමී මොසාන් කියන්නේ පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන සොයන විද්වතෙකු නොවෙයි. පියාඹන පීරිසි ගැන හෝ පිටසක්වළ ජීවීන් ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න ඔහුට විද්‍යාත්මක දැනුමක් නෑ. ඔහු මාධ්‍යවේදියෙක්. ඔහු මීට පෙර ද මේ අයුරින් ඉදිරිපත් කළ සාක්ෂි බොරු වී තිබෙනවා. වෙනසකට තියෙන්නේ, ඔහු මෙක්සිකෝ පාර්ලිමේන්තුවට එම පිටසක්වළ ජීවීන්ගේ යැයි කියන සිරුරු ඉදිරිපත් කළේ, පිටසක්වළ ජීවීන් සිටිනවා යැයි පාර්ලිමේන්තුව හමුවේ දිවුරුම් දීමක් කරමින්.’ යැයි මහාචාර්ය ජෝඩන් බ්‍රිම් වැඩි දුරටත් පවසා තිබේ.



අදහස් (6)

පිටසක්වළ ජීවීන්ගේ කතාව බොරුවක්ද?

Aravinda Monarawila Thursday, 14 September 2023 11:16 AM

ලංකාවේ පැණි ධම්මිකලා වගේ පොරවල් ලෝකයේ තව ඉන්නවා. තමන්ට අදාළ නැති තමන් දන්නේ නැති විෂයයන් ගැන කතා කරන පර්යේෂණ කරනවා යැයි කියන මොන්ගල් පොරවල්... මෙයත් ඒ වගේ කෙනෙක් වෙන්න ඇති.

:       6       18

mangala Thursday, 14 September 2023 12:28 PM

තමන්ගේ සිස්ටම් එකේ නැති කෙනෙක් මොනවා හරි කිව්වොත් ඒක බොරු... තමන් කියන එක විතරයි හරි. විද්‍යාඥයකු හෝ විද්වතකු නෙවෙයි නම් කියන කිසිම දෙයක් හරි නෙවෙයි කියන එකනේ මේ කියන්නේ... ඔය කියන විද්‍යාඥයින් හා විද්වතුන්ගේ මොලේ කචල්වෙන කොච්චර නම් දේවල් මේ ලෝකේ තියෙනවාද? මේ මිනිසුන්ගේ තියෙන ආධිපත්‍ය තමයි මේ පෙන්නන්නේ...!

:       11       15

පැරකුම් Thursday, 14 September 2023 03:20 PM

මේවගේ මහාපරිමාණ ප්‍රෝඩාවල් වෙන රටවලත් සිදුවෙනබව දැනගත්තාම අමුතු සතුටක් දැනෙනවා අපි තනිවෙලා නෑ කියලා..!

:       1       12

rocky Thursday, 14 September 2023 06:50 PM

පට්ට පල් බොරුවක් .මේවාට කියන්නේ ව්‍යාජ විද්‍යාව කියලයි.ඉස්සර හිටියා එරික් වැන් ඩෙනිකන් කියලා බොරු වපුරපු තක්කඩියෙක් .මුන් අලුතෙන් පටන්ගෙන තියනවා ආයෙත් කෙප්ප ප්‍රචාරයක්

:       0       0

සෙනෙවිරත්න Thursday, 14 September 2023 07:41 PM

පෘථිවිය සහ විශ්වයේ ඔිනෑම තරුවකට ඇති අසංඛේය දුර සලකන කල අප විශවයේ තනිවී ඇත. ලඟම තරුවට පවා අලෝක වර්ෂ හතරක දුරක් ඇත.යථාර්ථය මෙයයි. අලෝකයේ වේගය ඉක්මවා යා නොහැකි බව අයින්ස්ටයින් සාපේක්ෂතා වාදයෙන් පෙන්වා දී ඇත. එම වේගයට ලඟාවීමට වත් කිසිදු යානාවකට නොහැක . එබැවින් මෙිවා අතේ රෝල්ය. මිනිසුන් මල පසු වෙනත් ලෝක වල උපදිනවා යැයි දුටුවාසේ දෙසන අයටද කියයුත්තේ මෙයමයි.

:       0       0

ශ්‍රි වල්ලබ Friday, 15 September 2023 09:52 AM

අපේ යක්ඛ පුත්තු ටික නැගිටින්න ඕනේ වෙලාව තමයි මේ...! අපි මෙක්සිකෝවට දෙවැනි වෙන්න හොඳ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 189 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2071 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site