(හර්ෂණ තුෂාර සිල්වා)
පෙට්‍රල් සහ ඩීසල් මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් දෙකකින් අඩු කර තිබේ.
ඒ අනුව රුපියල් 125 ව පැවැති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 123ක් දක්වාත්, රුපියල් 149 ක් තිබූ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 147ක් දක්වාත් අඩු වී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඊට අමතරව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 101 සිට රුපියල් 99ක් රුපියල් දෙකකින් අඩු වන බව එම අමාත්‍යාංශය කියයි.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 121 සිට 118ක් දක්වා රුපියල් තුනකින් අඩු කිරීමට ද රජය තීරණය කර ඇත.
ඉන්ධන මිල සූත්‍රයට අනුව පෙට්‍රල් හා ඩීසල් මිල සංශෝධන සිදු කෙරුණු බව ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි.
|
ඉන්ධන වර්ගය |
පවත්නා මිල ලීටරයක් රු. |
සංශෝධිත මිල ලීටරයක් රු. |
ලීටරයක අඩු වූ මිල රු. |
|
ඔක්ටේන් 92 පෙට්‍රල් |
125/= |
123/= |
2/= |
|
ඔක්ටේන් 95 පෙට්‍රල් |
149/= |
147/= |
2/= |
|
ඔටෝ ඩීසල් |
101/= |
99/= |
2/= |
|
සුපිරි ඩීසල් |
121/= |
118/= |
3/= |

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.