(එස්. ඩි. කොඩිකාර සහ අජිත් ලංකාතිලක )
පිටබැද්දර පොලිස් බල ප්‍රදේශයට අයත් තැන්න හේන වතුයායේ අතුරු මාර්ගයක තිබී පිරිමි පුද්ගල මළ සිරුරක් අද (08) උදෑසන සොයා ගත් බව පිටබැද්දර පොලිසිය කියයි .
මියගොස් ඇත්තේ පිටබැද්දර තැන්නහේන, බලපත් ඇල්ල ගම්මානයේ පදිංචි ගිංතොට විධාන ආරච්චිලාගේ සුනිල් නැමැති (33) හැවිරිදි දෙදරු පියකු බව පොලීසිය කියයි.
මිතුරෙකුගෙන් ලද තොරතුරක් මත මරණකරු ඊයේ (07) තවත් කිහිපදෙනෙකු සමග මත්පැන් සාදයකට සහභාගී වී ඇති අතර එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් ගැටුමක් ඇති වී පසුව එය සමථයකට පත්ව මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත .
ඔහු මිය යාමට හේතුව ගැටුමද එසේ නොමැති නම් වෙනත් හේතුවක්ද යන්න පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් කිසිවෙකු අද (08) දහවල් වන තෙක් අත්අඩංගුවට ගෙන නොතිබුණි.
ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් පිටබැද්දර පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පිටබැද්දර අතුරු මාර්ගයක මළ සිරුරක්