IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පුටින් පරාජය බාරගන්න සූදානම් නෑ

රුසියන් යුක්රේන යුද්ධයේ දී රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පරාජය බාර ගැනීමට සූදානම් නොවන බව, ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශ ප්‍රධානී බිල් බර්න්ස් පවසයි.

පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදා යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. රුසියන් හමුදාවේ ඉලක්කය වූයේ යුක්රේනයේ කීව් අගනුවර ආක්‍රමණයයි. කෙසේ නමුත් තවමත් එය නොහැකිවී ඇති බවත්, රුසියන් හමුදාව දැඩි පසුබැසීමකට පත් වී ඇති බවත් සී.අයි.ඒ. බුද්ධි අංශ ප්‍රධානී බිල් බර්න්ස් පැහැදිලි කරයි.

'රුසියාව අපේක්ෂා කළේ නැහැ යුක්රේනයෙන් ප්‍රතිප්‍රහාර එල්ල වේවි. රුසියන් ජනාධිපති පුටින් විශ්වාස කළේ දින කීපයකින් යුක්රේනය ආක්‍රමණය කර ගන්නයි. ඒත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ එරට වැසියන් යුක්රේන හමුදාව සමඟ එක් වුණා. රුසියන් හමුදාවට ප්‍රතිප්‍රාහර එල්ල කරන්න ගත්තා. රුසියන් හමුදාව දැඩි පසුබැසීමකට ලක් වුණා' යැයි සී.අයි.ඒ. බුද්ධි අංශ අදහස් දැක්වීමක් කළේ ඇමෙරිකාවේ 'ෆයිනැන්ෂියල් ටයිම්ස්' පුවත් පත සමඟය.

'රුසියාව න්‍යෂ්ටික බලවතෙක්. යුක්රේනය ජය ගන්න බැරි වුණොත්, රුසියන් ජනාධිපති පුටින් යුක්රේනයට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන්. එසේ නොවන්නත් පුළුවන්. හරියටම ඒක තහවුරු කරන්න බැහැ. කෙසේ නමුත් එක් දෙයක් පැහැදිලියි. පුටින් පරාජය බාර ගන්න කෙනෙකු නම් නොවෙයි' යැයි ඇමෙරිකන් බුද්ධි අංශ ප්‍රධානියා අවධාරණය කර තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

පුටින් පරාජය බාරගන්න සූදානම් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1698 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site