IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


පුටින්ගේ රථය පුපුරවලා?

(විමුක්ති එස් රුද්‍රිගු)

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නිල වාහන බල ඇණියට අයත් යැයි විශ්වාස කෙරෙන ඕරස් සෙනට් මාදිලියේ ලිමොසීන් රථයක් මොස්කව්හි රුසියානු එෆ්.එස්.බී බුද්ධි සේවා මුලස්ථානය ආසන්නයේ නවතා තිබියදී ඊයේ (29) පුපුරා ගොස් ගිනිගෙන ඇතැයි "ද සන්" පුවත්පත වාර්තා කළේය.

ලිමොසීන් රථයේ එන්ජිමෙන් ගින්න ආරම්භ වී ඇතුළත දක්වා පැතිර ඇතැයි එම පුවත්පත සඳහන් කළේය.

මෙය රුසියානු ජනාධිපතිවරයා ඝාතනය කිරීමට ගත් උත්සාහයක්දැයි විදෙස් මාධ්‍ය ප්‍රශ්න කර ඇත.

කෙසේ වෙතත් රථය පුපුරා යන අවස්ථාවේ එම රථය භාවිත කර ඇත්තේ කවුරුන්දැයි තොරතුරු හෙළිකර නොමැත.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අනතුර හේතුවෙන් කිසිවෙකුටත් ජීවිත හානියක් සිදුව නොමැති බවද පැවැසුවේය. රථය ගිනිගැනීමත් සමග ඒ අසල ආපනශාලාවල සහ වෙළෙඳසැල්වල සිටි සේවකයන් එම ස්ථානයට පැමිණ ගින්න නිවා දැමීමට උත්සාහ කර ඇති බවත් හදිසි සේවා එම ස්ථානයට පැමිණ එම තත්වය පාලනය කර ඇත.

ඕරස් සෙනට් ලිමොසීන් රථය රුසියාවේ නිෂ්පාදනය කරන මෝටර් රථයක් වන අතර එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් 3,55,796 කි. ජනාධිපති පුටින් මෙම මාදිලියේ රථයක් උතුරු කොරියානු නායකයාටද තෑගි කර ඇත.

මෙම සිදුවීමත් සමග රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිසැකවම සිය ආරක්ෂාව තවත් දැඩි කරගනු ඇතැයි "ද සන්" පුවත්පත සඳහන් කළේය.

 



අදහස් (2)

පුටින්ගේ රථය පුපුරවලා?

වින්සන්ට් කජ්ජා Sunday, 30 March 2025 04:16 PM

රුසියාවට හා ලෝකයට අගනා අවස්ථාවක් අහිමිවුනාවත්ද?

:       3       8

Nandalal de Silva - France Sunday, 30 March 2025 05:33 PM

ඔය පිපිරීම අනිවාර්යයෙන්ම කරන්න ඇත්තේ යූක්රෙන බුද්ධි අංශ විසින් කියා, ක්‍රෙම්ලින් වල පූටින් ගෙ සට්ටැඹි රංචු ලොව පුරා පතුරුවා හරිමින් සිටිනවා... ගරා වැටෙමින් පවතින පූටින් ගෙ ජනප්‍රියත්වය ඉහල නැංවීම සදහා රුසියාවේ KGB රහස් ඔත්තු සේවාවේ ක්‍රියාවක් බව බටහිර බුද්ධි අංශ පවසයි... පව්... අනේ... පව්. පූටින් එවෙලේ එම රථයේ නොසිටි ඒක !!!

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site