IMG-LOGO

පුටින්ගේ ‘පෙම්වතියටත්’ විරෝධයක්

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ රහස් පෙම්වතිය ලෙස සැලකෙන 38 හැවිරිදි අලීනා කබෝවා ද පුටින් විරෝධවාදීන්ගේ උදහසට ලක් වී සිටින්නීය. අලීනා දක්ෂ ජිම්නාස්ටික් ශූරියකි.

අලීනා කබෝවා තමන්ගේ පෙම්වතිය යැයි රුසියානු ජනාධිපති පුටින් කිසිදු අවස්ථාවක පිළිගෙන නැත. අලීනාට දරු දෙදෙනකු සිටින බවත් ඔවුන්ගේ පියා පුටින් බවත් ඕපාදූප වෙබ් අඩවි පවසයි.

පසුගිය පෙබරවාරි 24 වැනිදා ජනාධිපති පුටින්, යුක්රේනය ආක්‍රමණය සඳහා රුසියන් හමුදා මෙහෙයවද්දී, අලීනා කබෝවා සහ දරුවන් ස්විට්සර්ලන්තයට යැවීමට පියවර ගත්තේය.

ස්විට්සර්ලන්තයේ රැඳී සිටින අලීනා, වහා එරටින් නෙරපා දමන්නැයි රුසියාවේත්, යුක්රේනයේත්, බෙලරුස් රාජ්‍යයේත් සිටින පුටින් විරෝධීන් අන්තර් ජාලය හරහා පෙත්සමක් සකස් කර ඇත. එම පෙත්සමට මේ වනවිට අත්සන් 55,000 ක් ලැබී ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කරයි.

අලීනා කබෝවා, පුටින්ගේ කීමට අනුව, රුසියානු දේශපාලනයට ද සම්බන්ධ වූ තැනැත්තියකි. ඇය වසර 6 ක් පාර්ලිමේන්තු නියෝජිතවරියක ලෙස පුටින්ගේ එක්සත් පාලක පක්ෂය නියෝජනය කළාය.

(ඩේලිමේල්)



අදහස් (2)

පුටින්ගේ ‘පෙම්වතියටත්’ විරෝධයක්

sujeewa Wednesday, 23 March 2022 08:58 AM

අන්න ඒකට තමයි සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. අන්න එහෙම අය තමයි අපෙන් ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තු වෙන්නේ. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අපි නම් ඔ්වට නැහැ කියන්න වගේ අත් පිහදාගෙන අනිත් අයව කුලප්පු කරලා ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ කරන්නෙ ඔහොම තමයි.

:       1       0

Bamunuarachchi Friday, 25 March 2022 08:08 AM

හරින් මහත්තයා? අමාත්‍යාංශ ටිකක් ගන්න බලාගෙන වෙන්න ඇති. මොවුන් රටින් පන්න ගන්න ලැබුණොත් රට හදන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 176 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 96 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1695 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site