
(විමුක්ති එස් රුද්‍රිගු)
එක් මිසයිලයකින් මුළු එක්සත් රාජධානියම බිමට සමතලා කළ හැකි රුසියාව සතු මාරාන්තිකම අවිය ලෙස සැලකෙන "සාතන් 2" අන්තර් මහද්වීපික න්‍යෂ්ටික මිසයිලය හැකි ඉක්මණින් යුද්ධය සඳහා සූදානම් කරන ලෙස රුසියානු ජනාධිපති සිය හමුදාවට නියෝග කර ඇතැයි පැවැසෙයි.
රුසියානු න්‍යෂ්ටික අවි ගබඩාවේ තිබෙන මාරාන්තිකම අවියක් ලෙස සැලකෙන "සාතන් 2" අන්තර් මහද්වීපික මිසයිලය පැයට සැතැපුම් 16,000 ක වේගයකින් ගමන් කිරීමේ හැකියාව තිබෙන අතර එයට එක්සත් රාජධානිය සහ ඇමෙරිකාවට ඉතාමත් පහසුවෙන් ළඟා වීමට හැකියාව පවතී. "සාතන් 2" අන්තර් මහද්වීපික මිසයිලයට න්‍යෂ්ටික යුද ශීර්ෂ රැගෙන යාමේ හැකියාව පැවැතීම හේතුවෙන් එය රුසියානු න්‍යෂ්ටික අවි ගබඩාවේ තිබෙන මාරාන්තිකම අවියක් ලෙස සැලකේ.
"සාතන් 2" මිසයිලයට එකවර යුද ශීර්ෂ 15 රැගෙන යාමේ හැකියාව පවතින අතර එයට සැතපුම් 11,000 දුරක් ගමන් කිරීමේ හැකියාව පවතී. රුසියානු ජනපති පුටින්ගේ අණ පරිදි "සාතන් 2" යුද්ධය සඳහා සූදානම් කිරීමේ කටයුතු අඛන්ඩව සිදුවන බව රුසියාවේ මූලෝපායික මිසයිල බලකායේ ප්‍රධානී කර්නල් ජෙනරාල් සර්ගෙ කරකායෙව්ද ටාස් පුවත් සේවය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත.
පසුගිය සැප්තැම්බර් මාසයේදී කළ "සාතන් 2" මිසයිලයේ අත්හදා බැලීමක් අසාර්ථක වූ අතර එහිදී මෙම මිසයිලය සාර්ථක කර ගැනීමට රුසියාවට හැකියාවක් තිබේ දැයි සැකයක්ද මතුවිය.
ඇමෙරිකාව ලබාදුන් මිසයිල භාවිත කරමින් රුසියාවේ අභ්‍යන්තරයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස යුක්රේනයේ දිනිප්‍රෝ නගරයට රුසියාව පසුගිය සතියේදී න්‍යෂ්ටික නොවන අන්තර් මහද්වීපික මිසයිල භාවිත කරමින් ප්‍රහාරයක් එල්ල කළ අතර එම තර්ජනය තවත් දැඩි කරමින් රුසියානු ජනපතිවරයා මෙම නියෝගය ලබාදී ඇත.
රුසියාව මේ වනවිට යුක්රේනයට ලබාදුන් අවි භාවිත කරමින් රුසියාව අභ්‍යන්තරයට ප්‍රහාර එල්ල කිරීමට අවසර ලබාදුන් රටවලට අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබෙන අතර එක්සත් රාජධානියද තමන් ඕනෑම මොහොතක රුසියාව සමග යුද්ධයකට සූදානම් බවට පසුගියදා ප්‍රකාශ කළේය. තෙවැනි ලෝක යුද්ධයේදී භාවිත කිරීම සඳහා "සාතන් 2" මිසයිලයට පණ දීමට නියෝග කර ඇත්දැයි සැකයක් පවතින බව නියෝගය පිළිබඳ අදහස් දක්වමින් යුද විශ්ලේෂකයෝ මත පළ කළහ.

COMMENTS
ඔක්කොම යාළුවෝ මල්ලී, සාමාන්‍ය මිනිස්සු තමයි මැරෙන්නේ
එක ප්‍රහාරයක් සමග තව ප්‍රතිප්‍රහාර රුසියාවටත් ආපසු එනවග අමතක කරන්න එපා...
රුසියාව න්‍යෂ්ටික අවි පාවිච්චි කළොත් අපි දන්නා ලෝක බල අධිකාරියේ විශාල වෙනසක් ඇතිවෙන අතර, ජපානයට සිදුවූ දෙයම රුසියාවටද සිදුවෙන බව විශ්වාස කිරීමට සාධක ඇත. නමුත් බටහිර ලෝකයටද සැලකිය යුතු විනාශයක් වනු ඇත. ඒ සිදුවීම්වලට කලින් රාජ්‍ය නායක වෙනසක් බලාපොරොත්තු වන්න.
ඇමෙරිකාව ලෝකයේ ඉන්න සාතන් ඒ.. බ්‍රිතාන්‍යය සාතන් බී... ඉතින් ඒ සාතන්ලා දෙන්නාම විනාශ කරන්න සාතන් 2 හොඳ අවියක් වේවි.
ලෝක යුද්ධයක් ආරම්භ කරන නායකයෙකුට ඉතිහාසයේ කෙදිනකවත් හොඳ නාමයක් ඉතිරි නොවේ. යුද්ධයකට මුලපිරීමට සැරසෙන මේ සමහර පාලකයින්ගේ වයස් අනුව ඔවුන් පරමායුෂ වින්දත් තව වසර විස්සක් වත් ජීවත් නොවේ. එහෙත් යුද්ධයක් ඇති වුවහොත් කිසිවරදක් නොකළ කිරි දරුවන් ඇතුළු අති මහත් ජනතාවක් ජීවිත කාලයක් අසීමිත වේදනාවට පත්වෙති. සමස්ථ ලෝක වාසීන්ගේම ජීවිතවලට බලපාන න්‍යෂ්ටික අවි භාවිතා කිරීම වැනි තීරණ මොනම රටක හෝ තනි පුද්ගලයකුට ගත නොහැකි ලෙස සෑම ප්‍රජාතන්ත්‍රවාදී රටකම නීති සැකසිය යුතුයි.
මේ කුමාර්ට ඩිස්ලයික් දාන්නේ කාගෙන් හරි පඩි ගන්න කට්ටියක්ද?
ප්‍රතිප්‍රහාර දෙන්නට රටක් ඉතිරි දෙන්නට රටක් ඉතිරි වේවිද?
තුන්වන ලෝක යුද්ධයක් එන්නේ නෑ. බය වෙන්න එපා. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි 20 වැනිදාට දිවුරුම් දුන්නාම ඔය යුද්ධය නවත්වනවා කිව්වා. එතකොට යුක්‍රේනයට සහය නැතුව ඉබේම් ඕක නවත්වන්න වෙනවා. එතකන් ඔය සෝබන දානවා...