IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පුටින්ගෙන් ජෝබයිඩන්ට සම්බාධක

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ඉහළ පෙළේ ඇමෙරිකානු නිලධාරීන් 13 දෙනෙකුට එරෙහිව රුසියාව සම්බාධක පැනවූ බව  ක්‍රෙම්ලිනය ප්‍රකාශ කළේය.

දහතුන් දෙනාගේ නම් ලැයිස්තුවේ ඉහළින්ම ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සිටින අතර රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්,ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් මාර්ක් මිලී, ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන්, සීඅයිඒ අධ්‍යක්ෂ විලියම් බර්න්ස් සහ ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි ද මෙම ලැයිස්තුවට ඇතුළත්ව ඇත.

ලැයිස්තුවේ තවත් පහළට යනවිට හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ ජනාධිපති බයිඩන්ගේ පුත් හන්ටර් බයිඩන් ගේ නම්ද දක්නට ලැබේ.

ඉහත ලැයිස්තුවේ නම් ඇතුළත් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට රුසියානු සමුහාණ්ඩුවට ඇතුල් වීම සපුරා තහනම් වන බවත් ඉදිරියට තවත් නම් මෙම ලැයිස්තුවට ඇතුලත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඇමෙරිකාව පැනවූ සම්බාධකවලට පිළිතුරු වශයෙන් මෙම සම්බාධක පැනවූ බවත් ක්‍රෙම්ලිනය ප්‍රකාශ කළේය.

 



අදහස් (8)

පුටින්ගෙන් ජෝබයිඩන්ට සම්බාධක

Chinthaka Hettitantri Wednesday, 16 March 2022 08:33 AM

මොන විහිලුවක්ද​? තවම යුක්‍රේනයටවත් ගහ ගන්න බැරිව තටමනවා. මේ පිස්සා රුසියාවම විහිලුවක් කරමින් ඉන්නවා. ඩොලර් ට්‍රිලියනයක ආර්ථිකයකට පුලුවන්ද ඩොලර් ට්‍රිලියන විසි එකක ආර්ථිකයකට රිද්දන්න​. ගොන් පාට්...!!!

:       197       52

Jay Wednesday, 16 March 2022 11:00 AM

චින්තක.., මීට වඩා කරුණු අවබෝධ කරගන්න.

:       18       79

සමන්තWednesday, 16 March 2022 04:03 PM

මොනවා අවබෝධ කරගන්නද​? ඒ කතාව හරි. පුටින්ට න්‍යෂ්ටික අවි නැත්නම් හොම්බෙන් යන්න වෙන්නේ...

:       37       14

sujeewaSaturday, 19 March 2022 09:30 AM

සමන්ත, රුසියාවට න්‍යෂ්ඨික අවි නොතිබුනේ නම් පුටින් හොම්බෙන් යාම කෙසේ වෙතත් පුටින් කෙනෙකුවත්, යුක්රේනය, පෝලන්තය, රුමේනියාව වැනි පැරණි සොවියට් රටවල්ද මේ වනවිට පොළවට සමතලා වී අවසන්ය. පියාගේ සෙවනේ ආරක්ෂාව ලැබ හැදී වැඩී උස් මහත් වූ විට පිටස්තරයින්ගේ කේලම් බස් අසා පියාව විනාශ කිරීමට උත්සාහ දරණ පුතකුගේ තත්වයට යුක්රේනය පත් වී ඇත. පුටින් කරන්නේ දඩබ්බර පුතෙක් තම පරපුරේ වස්තුව පිටස්තරයන්ට පවරා දෙමින් හා එයින් තම පරපුරට අනාගතයේ විඳින්නට සිදුවිය හැකි දුක් කරදර අවබෝධ කරගත් පියෙකු එම දඩබ්බර පුතා මෙල්ල කිරීමට ගන්නා උත්සාහයකි. පුටින්ට න්‍යෂ්ඨික අවි නොතිබුණේ නම් මේ වනවිට ආසියාවක්ද නොමැත්තේය.

:       0       0

sujeewaSaturday, 19 March 2022 09:17 AM

ඇමරිකාව, බ්‍රිතාන්‍යය වගේ රටවල් ලිබියාවට, ඉරාකයට, සිරියාවට ගහපු විදිහට ගහනවා නම් රුසියාවට ‌යුක්රේනය අමාරු වැඩක් නෙවෙයි. ඔබට හිතෙන්නේ නැත්ද රුසියාව ඉවක් බවක් නැතුව පහර දුන්නේ නම් මේ යුද්ධය මේ වන විටත් අවසන්ව තිබිය හැකි බව. ඔබට සිතෙන්නේ නැත්ද විශාල ජනතාවක් සිටින රටකට පහර දෙන ස්වරූපයට සාපේක්ෂව සාමාන්‍ය මරණ මෙතරම් අඩු වීමට හේතුව හැකිතාක් ප්‍රවේශමෙන් මෙම පහරදීම් සිදුකරන නිසා බව. ඔබට හිතෙන්නේ නැත්ද යුක්රේනය විසින් නිකුත් කරන ලද ආයුධ සහිත සාමාන්‍ය ජනතාව 18,000 ක් පමණ සිටියදීත්, පෙට්‍රල් බෝම්බ වලින් දමා ගසන සාමාන්‍ය ජනතාව සිටියදීත් සිවිල් මරණ මෙතරම් අවම වී ඇත්තේ ඇයිදැයි කියා. යුක්රේනය ප්‍රකාශ කරන පරිදි රුසියානු සෙබළුන් 12,000ක් පමණ මියගොස් යුක්රේන හමුදාව 1,000 ක් පමණ මිය යාමට හේතුවද රුසියාව බොහෝ ප්‍රවේශමෙන් යුද්ධ කරන බවත්ය. මට නම් සිතෙන්නේ රුසියාවට අවශ්‍යව ඇත්තේ ජීවිත හානි උපරිම කිරීම නොව තම රටට තර්ජනයක් වන මත දරන්නන් ලුහුබැඳයාම බවයි. එහෙත් ඉවසීමේ අන්තය විනාශකාරී යුද්ධයක් බව ඉටහිර රටවල් දනී. එවැනි විනාශකාරී යුද්ධයකදී න්‍යෂ්ඨික අවි බලය ඉදිරියේ ශක්තිමත් ආර්ථිකයක් වුවද එකවර කඩා වැටෙනු ඇත.

:       0       0

Gayan Wednesday, 16 March 2022 11:49 AM

අවුරුදු 30ක් පමණ යුද්ධයෙන් බැටකා පීඩා විඳි රටක මිනිසුන් තවත් අධිරාජ්‍යවාදියෙකුගේ මිලේච්ඡ යුද්ධයෙන් පීඩා විඳින රටක් වෙනුවෙන් ඔල්වරසන් දීම මනුෂ්‍යත්වයටද නිගාවකි. අධිරාජ්‍යවාදය යනු ඇමරිකාව ප්‍රමුඛ අනෙකුත් බටහිර රටවල් වෙනත් රාජ්‍යයන් ආක්‍රමණය කීරීම පමණක් නොව රුසියාව, චීනය වැනි රටවල්ද යුදමය වශයෙන් හෝ දේශපාලනික වශයෙන් අන් රටවල් අස්ථාවර කර තමන්ට හිතවත් පාලකයින් පත් කිරීමද අයත්වේ.

:       85       67

sujeewaSaturday, 19 March 2022 09:44 AM

රුසියාව වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරීම යුද්ධයට ඔල්වරසන් දීමක් ලෙස දැකීම දෘෂ්ඨිපථය පටුවීම නිසා ඇතිවන තත්වයකි. මා දකින ලෙසට රුසියාව වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරන්නේ රුසියාවට විරුද්ධව පවතින අදහස්වල ඇති අන්තගාමී තත්වය අවබෝධ කරගැනීම නිසා බවයි. අපගේ යුද්ධය යුද්ධයක් නොවේ ත්‍රස්තවාදයකි. එම ත්‍රස්තවාදය තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය වූයේ කා හටද යන්නත්, එය අවසන් කිරිමට ඉඩ නුදුන්නේ කවුරුන්ද යන්න පිළිබඳවත්, එය අවසන් කිරීමේ වාඩුව අද වනවිටද පවතින බවත්, එහිදී ත්‍රස්තවාදියා නිවැරදි බව හා එය පැරද වූ හමුදාව වැරදිකරුවන් ලෙසත් අද බටහිරයන් අර්ථ දක්වා ඇති බවත්, එහිදී අප හට රුසියාව, චීනය, පාකිස්ථානය වැනි රටවල සහාය ලද බවත් එකල ජීවත් වූ අයකු ලෙස මම දනිමි. එහෙත් නූතනයේ උපන්නවුන් එය එලෙස විශ්වාස නොකරන තත්වයට බටහිරයන් මතවාදයක් ඇතිකර ඇත. එක් අන්තයකදී වෙනත් රටවලට ගොස් එම රටවල් විනාශකිරීමේ ත්‍රස්තවාදී අධිරාජ්‍යවාදයට වඩා එසේ නොවන අධිරාජ්‍යවාදය සාපේක්ෂව වැදගත්ය. කිසිවක් පරමාදර්ශී නොවන නූතනයේදී සාපේක්ෂව වඩාත් සුදුසු දේ තෝරාගැනීම වරදක් නොවේ. වරද වන්නේ නුසුදුසු දේ තෝරාගැනීමයි. ඒ් අර්ථයෙන් රුසියාව වඩා නිවැරදියි.

:       0       0

ලුම්බිණි Wednesday, 16 March 2022 03:32 PM

අනේ පව්. ජෝබයිඩන්ට අතේ සතේ නැතිවෙයි දැන්...

:       69       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 549 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1694 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site