
(මහින්ද නිශ්ශංක)
පිටකොටුව තොග වෙළෙදපොළේ දෛනික වෙළෙදාම මේ වනවිට සියයට 50 ත් 60 ත් අතර ප්‍රමාණයකින් පහළ බැස ඇතැයි තොග වෙළෙදපොළ ආරංචි මාර්ග සදහන් කරයි.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ අවශ්‍ය තරම් තිබුණත් ඒවා මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙදුන්ගේ සංඛ්‍යාව ද විශාල වශයෙන් අඩු වී ඇති බවත් මේ නිසා තොග වෙළෙදපොළ පාළු ස්වභාවයක් ගෙන ඇතැයි ද තොග වෙළෙන්දෝ පවසති.
විශේෂයෙන් පිටකොටුව තොග වෙළෙදපොළට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ වැඩි වශයෙන් පැමිණීම නිසා ඒවා ඉක්මනින් අවසන් කර ගත යුතු බැවින් මේ දිනවල තොග වෙළෙදුන් ආනයනය මිලටත් වඩා අඩුවෙන් එම ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ අලෙවි කරන බව ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ හා තොග වෙළෙදුන්ගේ සංගමය සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1099
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිටකොටුවේ බිස්නස් බැහැලා
Perera Wednesday, 14 August 2024 06:12 AM
ඕකනේ වැඩේ, රටේ ආර්ථිකය දියුණු කළාට පිටකොටුවේ ආර්ථිකය ගැන බළලා නෑ නේ
ජයනාත් Wednesday, 14 August 2024 06:34 AM
රටේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි .. ඒකයි..
Lalla Wednesday, 14 August 2024 07:24 AM
ඇයි ඉතින් ඕනවට වඩා තොග පවත්වාගෙන යන්න හේතුව?කුනුවන කල් ඉකුත්ව යන දේවල්වල මිලත් පාරිභෝගිකයා නේද දරන්න ඕන. විදේශීය ගොවීන්ට හම්බ කරවන ක්‍රමය නවත්තන්න නම් අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය පුරෝකථනය රජය හෝ ස්වාධීන ආයතනයක් කර ආනයනය සීමා කල යුතුයි නේද?
ravin Wednesday, 14 August 2024 08:02 AM
තොග වෙළඳ පොලෙහී භාණ්ඩ අලෙවි වනුයේ සිල්ලර වෙළඳපොලෙහි වෙළඳාම අනුවය .තම තමන්ගේ අවශ්‍යතාවය සඳහා ඇති මුදලින් රට කාබාසිනියා කරන කොටසක් නඩත්තු කරනවා හැරෙන්න වෙන කිසිවක් පාරිභෝගිකයා හට ඉතිරිව නොමැත
රංබොඩ Wednesday, 14 August 2024 09:34 AM
මිනිසුන් වෙනත් විකල්ප කරා යොමු වී ඇතිනම් ඒක හොඳ ප්‍රවනතාවයක්. නැත්නම් වෙළඳපොළ ඒකාධිකාරයක් පවතිනවා. අධික ලාබ ලබනවා. වස විෂ මුසු කරනවා.