
(අංජුල මහික වීරරත්න)
දිවයින පුරා පිහිටි ද්විතීයික හා තෘතීයික රෝහල් 130 ම ආවරණය වන පරිදි සහ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් ආශ්‍රිතව රාජ්‍ය ඔසුසල් ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය න ලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එම ඔසු සල් වලින් ජනතාවට උසස් ප්‍රමිතියෙන් සහ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධ සාධාරණ මිලකට ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කීවේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 65 වන රාජ්‍ය ඔසුසල - නාරාහේන්පිට ශාඛාව අංක 209, කිරුල පාර, නාරාහේන්පිට යන ස්ථානයේ දී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
රජය බලයට පත්වීමෙන් පසු ස්ථාපිත කළ තෙවන රාජ්‍ය ඔසුසල ශාඛාව මෙය වන අතර, ගල්කිස්ස හා කිරිබත්‌ගොඩ යන නගරයන් හි අනෙක් ඔසුසල ශාඛා මීට ප්‍රථම ස්ථාපිත කිරීමට පියවර ගත් බව අමාත්‍යවරයා කීය.

2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුංචි රෝහල් ලඟත් ඔසුසල් ඇරඹෙයි
ගුණරත්න Saturday, 28 June 2025 07:47 AM
ආණ්ඩුවට බරක් නැතිව ව්‍යාපාර කරන ඉන්න අයට කෙළවන්න මේ ආණ්ඩුව හරිම උනන්දුයි...!
යෝගා ඩෝබි Saturday, 28 June 2025 09:50 AM
බොරු සෝබන වැඩ. අපේ කෙහෙළිය හිටපු ඇමැතිතුමා හිටියා නම් සෑම රෝහලක් ඉදිරිපිට මල්ශාලාවක් ස්ථාපිත කරලා තමයි නතර වෙන්නේ...