IMG-LOGO

පුංචි ඡන්දය ඉල්ලා මිලානෝ උද්ඝෝෂණයක්

 (ෂමින් පණ්ඩිතරත්න- මිලානෝ නගරයේ සිට)

‘‘මැතිවරණයකට බියගුළු රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදයවල දමන කුමන්ත්‍රණය පරදවමු‘‘ යන තේමාව යටතේ හෙට ( 05) දින සවස 03:00 ට මිලානෝ නගරයේ පෙළපාළියක් හා පසුව මිලානෝ ප්‍රධාන දුම්රිය පොල ( Milano Centrale ) ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් සංවිධාන කර තිබේ.

මිලානෝ පියස්සා ලීමා( Metropolitana Lima ) ඉදිරිපිටින් ආරම්භ කිරීමට නියමිත විරෝධතා පෙළපාලිය ප්‍රධාන දුම්රිය ඉදිරිපිට පැමිණීමට නියමිතව ඇත.

 



අදහස් (10)

පුංචි ඡන්දය ඉල්ලා මිලානෝ උද්ඝෝෂණයක්

පිටිගල මිලානෝ Saturday, 04 March 2023 03:47 PM

යහපත් ලංකාවක්, නීතිය පරමාධිපත්‍යය වූ රටක් අපි එකතුවෙලා බිහි කරමු. රට බලෙන් අල්ලාගෙන සිටින මංකොල්ල කරුවන් එලවමු….!

:       0       0

මිලානෝ නානසාර Saturday, 04 March 2023 06:17 PM

කුරුණෑගල ඇසිඩ් ජිනේව දැක්කොත් අල්ලලා පොලීසියට බාර දෙන්න...

:       0       0

Bamunuarachchi Saturday, 04 March 2023 06:49 PM

පුංචි ඡන්දෙ ඉල්ලා මිලානෝවල බස් දෙක තුනක් ගිනි තිබ්බේ නැතිනම් ඉතාලි මිනිස්සු දැනගන්නේ නැහැ ලංකාවේ අපි ප්‍රජාතන්ත්‍රවාදයට කොපමණ ගරු කරනවද කියලා. ඒ නිසා ලංකාවේ පුංචි ඡන්දෙ ඉල්ලලා මිලානෝ වල බස් දෙක තුනක් ගිනි තියපල්ලා...

:       0       0

sisil Saturday, 04 March 2023 07:54 PM

පුංචි ඡන්දය ඉල්ලා මිලානෝහි "දැවැන්ත" උද්ඝෝෂණයක්? NPP / JVP කණ්ඩායම මේ වගේ බොලඳ වැඩකරන්න දක්ෂයින්. ලෝකයේ වෙනත් රටවල දේපාලන පක්ෂ කාර්යාල පවා මැතිවරණයෙන් පසු වසාදමා තිබියදී ලෝකය පුරා විසිරි සිටින සමහර ශ්‍රී ලාංකිකයින් ඔවුන්ගේ පක්ෂ, පාට දේශපාලනය පෙන්වීමට පක්ෂ කාර්යාල පිහිටුවාගෙන තිබේ.

:       0       0

සාලිය Saturday, 04 March 2023 07:59 PM

ඒ එක්කම බිලියන දහයකුත් එවන්න හොඳේ. මොකද මීට මාස කීපයකට කලින් පෙට්‍රල් බෝතලයක් නැතුව මිනිස්සු පෝලිම් වල මැරුණ රටක් යන්තං ගොඩඑන්න දඟලනකොට මැතිවරණ තියන්න කියන්නේ. ඔය පුංචි ඡන්දයෙන් පස්සේ රට දියුණු වෙනවාද? දියුණුවෙයි ඔය ගම්වල හොරු ටිකක්...

:       0       0

රුවන් Saturday, 04 March 2023 08:02 PM

මහින්ද මහත්තයාගේ මුහුණ පිටේ ගහගෙන ඉන්න කෙනත් එනවාද? අපිට මතයි, එයාලා තමයි කවදාවත් යූ.එන්.පී එකට නොදී වාමාංශික කියකියා රට මේ තරම් ප්‍රපාතෙට ගෙනාවේ...

:       0       0

සේපාල් Saturday, 04 March 2023 08:04 PM

ඔය රටවල නිදහසේ ජීවත්වෙන ගමන් මේ රට විනාශ කරන්න හදන්නේ... මේ රටේ මිනිස්සුන්ට හරි අමාරුයි.. ඔය පොඩි ඡන්දේ තිබ්බා කියලා ලැබෙන සෙතක් නැහැ... බිලියන ගාණක වියදමක් විතරයි.. මහා ඡන්දයක් ඉල්ලන්න...

:       0       0

ranjith Saturday, 04 March 2023 08:27 PM

විදේශ රටවල ඉන්න අපේ මිනිස්සුන්ටත් පෙළපාලි, උද්ඝෝෂණ වලට බෙදා නැහැ. රට බංකොළොත් කරලා මදිවට මෙහෙ තමයි ඔක්කොම හිරිහැර...

:       0       0

Amunugama Saturday, 04 March 2023 11:11 PM

ලංකාවේ ඇතුලේ තියන ප්‍රශ්න වලට මිලානෝ වල ඉඳන් කෑගැහුවට වැඩක් තියෙයිද

:       0       0

මැක්ස් Sunday, 05 March 2023 06:24 AM

අපේ අනුර සහෝදරයාට වගේ රිංගන්න කඩයක් මිලානේ හංදියෙ ලෑස්ති කරන්න සංවිධායක සොයුරනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 334 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 506 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 204 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site