(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ඉල්ලා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් ලබන සතියේදී යළි ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා ලංකාදීපයට පැවැසීය.
රටේ ආර්ථික තත්වය යම් යහපත් මට්ටමක පවතින බවට රජයේ පාර්ශ්වයෙන්ම ප්‍රකාශ නිකුත් කෙරෙන හෙයින් මෙම ඉල්ලීම කරන බවද
ඔහු සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර රජයෙන් ඉල්ලීම් ගණනාවක් කළද රටේ පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් මුදල් ලබා දිය නොහැකි බව භාණ්ඩාගාර ලේකම්වරයා ඒ සෑම අවස්ථාවකදීම එම කොමිෂන් සභාවට දැනුම් දුන්නේය.
පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමුණේ ඒ අනුවය.
පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා අවලංගු කිරීමට කර ඇති යෝජනාවක් සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අප කළ විමසුමකදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ නාමයෝජනා අවලංගු කිරීමට නම් ඒ සම්බන්ධයෙන්වූ විශේෂ පනතක් පාර්ලිමේන්තුවේදී සම්මත කළ යුතු බවයි.
පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන හුදු යෝජනාවකින් එවැන්නක් කළ නොහැකි බවද පුංචිහේවා මහතා ප්‍රකාශ කළේය.
මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා බහුතරයක්ද මේ වනවිට මුද්‍රණය කර අවසන්ව පවතී. ඒවා දැනට රජයේ මුද්‍රණාලයේ ආරක්ෂිත ගබඩාවේ තැන්පත් කර ඇත.
මේ අතර පළාත්පාලන මැතිවරණය කල් ගොස් ඇතත් එම මැතිවරණය ඇතුළු ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලු මැතිවරණ සඳහා අවශ්‍ය මූලික කටයුතු සූදානම් කරගෙන යන බව නිමල් ජී පුංචිහේවා මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුංචි ඡන්දෙට මැකෝ යළි සල්ලි ඉල්ලයි