IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පුංචි ඡන්දෙට බය ජනපති මහමැතිවරණය ගැන උදම් වනනවා

(නිමල කොඩිතුවක්කු)

පළාත් පාලන මැතිවරණය හෝ පවත්වන්න කොන්දක් නොමැති ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මහ මැතිවරණ ජනාධිපතිවරණ ගැන පුරසාරම් දොඩන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය සුරකින ඕනෑම මැතිවරණයකට සමගි ජන බලවේගය මුහුන දීමට සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 69 වැනි අදියර යටතේ අනුරාධපුර ශ්‍රී දුටුගැමුණු මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයක් පවත්වන බවට ආරංචිය පතුරවමින් ජනතාගේ අදහස් සොයා බලන බවත් ස්වාධින අපේක්ෂකයන්, යූඇන්පී අපේක්ෂකයන් කවුද කියා ජනාධිපතිට සහ පොහොට්ටුවට මේ වන විට පටලැවි ඇති බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.



අදහස් (3)

පුංචි ඡන්දෙට බය ජනපති මහමැතිවරණය ගැන උදම් වනනවා

upali Friday, 19 January 2024 08:32 AM

ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු වන ඔබට කුඩා අවවාදයක්, විශේෂයෙන් SMART පන්ති විවෘත කිරීම සඳහා පාසල් යන විට දේශපාලනය කතා නොකරන්න. එවැනි රැස්වීම්වලදී දේශපාලනය ( කුණු ) කතා කරන්න. ඔබ ඡන්ද ලබා ගන්නේ නැත, ඔබ ඒවා නැති කර ගනී.

:       0       2

Dayananda Friday, 19 January 2024 02:36 PM

මෙහි අදහස් දක්වා ඇති උපාලි මහතා 100% ක්‌ නිවැරදියි... මේ වැඩසටහන් දේශපාලන උදම් ඇනීම සඳහා යොදාගැනීම් තුළින් බුද්ධිමත් ජනතාව ඔබව මනින ආකාරය අනුව ඔබ‍ට හිමි ඡන්ද පවා අහිමි වෙනවා ස්ථිරයි.. මේ 1970 නොවේ 2024 බව ඔබගේ උපදෙස් දෙන අයට අමතකවෙලා...

:       0       0

D.NannasenaFriday, 19 January 2024 04:01 PM

මෙයාගේ අතින් අපි අකැමැති වැඩ කීපයක් වෙනවා.. එකක් ඕනෑම වෙලාවක දබරැගිල්ල උරුක් කරලා කතාකිරීම පිළිකුල් දෙයක්... ඊළඟට සිංහල භාෂාවේ ව්‍යවහාරයට අනුව උදම් අනනවා නොකියා උදම් වනනවා වගේ භාවිතයේ නැතිවචන පාවිච්චියට ගැනීම දේශපාලන කටයුතු කරන කෙනෙක් නිහතමානී වියයුතු වුණත් අධික ලෙසට අහංකාර තත්වයක් පෙන්වීම වගේ කටයුතු එතරම් සුදුසු නැහැ කියලා හිතෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site