IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පුංචි ඡන්දෙට පොහොට්ටුව සූදානම්

(ඩයනා උදයංගනී)

පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහජන නියෝජිතයන් ලෙස තම පක්‍ෂය මැතිවරණයට සූදානම් බවත්, එජාපයක් අනිත් පක්‍ෂ සමඟ සන්ධානගත වෙමින් ඊට මුහුණ දෙන ලෙස පක්‍ෂ නායකයන්ගෙන් උපදෙස් ලැබී ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.

ඒ අනුව රට පුරා පළාත් පාලන ආයතන වෙනුවෙන් නාමයෝජනා ලබාදීමට සූදානම් බවත්, නාමයෝජනා මණ්ඩල පත්කර ඒ සඳහා කටයුතු කිරීමේ පක්‍ෂ යාන්ත්‍රණ ක්‍රියාත්මක බවත් ඇමතිවරයා කීවේය.

ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පළාත් සභා මැතිවරණය කුමක ආකාරයකින් හෝ කල්දැමීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උත්සාහ කරන්නේදැයි මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.



අදහස් (11)

පුංචි ඡන්දෙට පොහොට්ටුව සූදානම්

ganegoda Tuesday, 20 December 2022 02:00 PM

හොඳයි එහෙනම් මුට්ටිය දාලා බලන්නකෝ. හැබැයි අපි මුට්ටියට ගහන්නේ නැහැ.

:       0       0

sharm warn Tuesday, 20 December 2022 02:05 PM

ඔවු ඔවු අපිත් සූදානමින් ඉන්නෙ. ඒන්ඩ ඒන්ඩ

:       0       21

Perera Tuesday, 20 December 2022 02:08 PM

අපිත් සූදානම්..... එන්ඩ චන්දෙ ඉල්ලගෙන ගෙයක් ගෙයක් ගානෙ

:       0       17

'අට-පාස්' ලමයි කතිරෙන් දිනයි... Tuesday, 20 December 2022 02:43 PM

ටීචර්... ඔය චන්ඳයට යන වියදම රුපියල් කෝටි කීයද.. ටීචර් ?? පෝස්ටර්වලට වියදම... පරිසර පරිහානිය.... පෙළපාලි යන්නන්ට දෙපා ශක්තිය දෙන්න වියදම... බෝතල්-කොත්තු පාටි.... ඔය කථා පෙට්ටි පක්‍ෂවල සවිය පෙන්නන්න අළුතින්ම ගත්ත 'චීත්ත' සරම් ඇඳගෙන කතා පටන්ගත්ත වෙලාවෙ ඉඳලා රෑපවාහිනියේ පෙන්නනකම් නාස්ති කරන කරන්ට් කිලෝ වොට් මුදල... පක්‍ෂ කුලල් කාගෙන සපෝටර්ලා ගහගත්තාම ගිලන් රථ සේවයට... පොලීසියට... ඉස්පිරිතාලවලට යන මහජන මුදලින් කෙතරම් වැඩ කොටසක් රටවෙනුවෙන් කල හැකි නේද..ටීචර්..! 'කතිරය' කියන්නේ අකමැතියි කියන එකනේ... ඒවුනාට ඕකට 'හරිය' දාන්නේ නැහැනේද ටීචර්..! ඒ කියන්නේ වැරදි එක්කෙනාමද තෝර ගන්නේ ටීචර්...! සමාවෙන්න ටීචර් මම මෙහෙම ලිව්වට.. ඒ වුනාට ටීචර් අපි වැරදි උත්තරයක් ලිව්වහම ටීචර් 'කතිරයක්' ගහනවා... හරි උත්තරය ලිව්වහම ටීචර් 'හරියක්' දානවා...! ලකුණු දෙන්නේ කීයක් හරිද ගනන් කරලා නේද? ඒවුනාට ටීචර්.. චන්ඳයකදී 'කතිර' ගණන් කරලනේ කියන්නේ එයා පලවෙනියා කියලා..! ඒකෙන් පාසල් යන ලමයින්ට අදහස් කරන්නේ වැරදි එක්කෙනයි තෝරා ගත්තේ කියලාද ටීචර්..!!!

:       1       7

mp Tuesday, 20 December 2022 02:50 PM

සූදානම් තියන්න. අපිත් සූදානම් හොඳට බෙදන්න.

:       0       15

Sunil Tuesday, 20 December 2022 03:11 PM

එයින් කියවෙන්නෙ 1977දි ශ්‍රී ලංකා නිදහස් පක්ශය ලෙබුවටත් වඩා දරුනු පරාජයකට පොහොට්ටුව සුදානම් බවයි. අලිය සමග සන්දානගත වීමෙන් පරාජය තවත් දරුනු වෙයි. රට කාබාසිනිය කල මෙ දෙගොල්ලන්ම මඩු වලිග වලින් පහර දීල එලවිය යුතුයි.

:       1       0

ලලිත් පුෂ්පකුමාර Tuesday, 20 December 2022 03:33 PM

එන්ඩකො.. එන්ඩකෝ... කට්ටිය ඔක්කොම එකතුවෙලා එකට එන එක අපිටත් ලේසියි එක උත්තරේ කට්ටියටම එකට තියලා දෙන්න පුළුවන් අපිත් සූදානම්

:       0       13

ranjith Tuesday, 20 December 2022 03:35 PM

රට බංකොලොත් කරලා මිනිස්සුන්ට දුන් වද හිංසා වලට කළගුණ සලකන්න හොද අවස්ථාවක්

:       0       15

Dharmatileke Tuesday, 20 December 2022 05:13 PM

අවසන් ගමනනේ

:       0       0

චමින්ද Tuesday, 20 December 2022 06:57 PM

මම නම් මෙපමණ කාලයක් නොමිලේ චන්දය දුන්නට බලයට අපිට ලැබුණු කිසිවක් නැහැ. පත්වූ එවුන් රටත් කාලා රටේ අනාගත පරපුර හිගන්නො කරල එවුන්ගෙ හත්මුතු පරම්පරාවට ඇතිවෙන්න හම්බකරගෙනයි ඉන්නෙ ඒ නිසා රට සංවර්ධනය කරන්න අපට පිලිගත හැකි සෑම අංශයක් වෙනුවෙන් කරන සැලසුම් ඉදිරිපත් කරන මෙතෙක් රටට විනකල අයට කරන්නෙ මොනවාද ..අපේ නිවසට පැමිණි පැහැදිලි කරන කෙනෙකුට පමණයි නොමිලේ චන්දය දෙන්නෙ .නැත්නම් එක් චන්දයක් සදහා මිලියන එකක් වත් නැත්නම් කිසිවෙකුට චන්දය දෙන්නෙ නැහැ .මහ මුහුදෙන් වතුර තේ හැන්දක් ගත්තට අපේක්ෂකයින්ට කිසිම පාඩුවක් නැහැ .අල්ලස් නොවෙයි රටට වෙලා තියෙන තත්වය ගැන හරියට දුකයි .දඩුවමක් දෙන්න තමයි එහෙම කරන්නෙ

:       0       1

podiekaa Wednesday, 21 December 2022 03:21 PM

මහාචාර්ය බංකොළොත් ගුණවර්ධන කිව්වොත්, කෙරුවොත් තකතීරු කමක්මයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 906 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site