(අංජුල මහික වීරරත්න)

පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය මෙරට පක්ෂ ගණනාවක් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු එලෙස සාකච්ඡා පවත්වන එක් පක්ෂයක් පමණක් බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

පොදුජන පෙරමුණ මෙන්ම තවත් පාර්ශව ගණනාවක් සමග  පක්ෂ කළමනාකරණ මණ්ඩලය සාකච්ඡා පවත්වමින් සිටින බව කී විජයවර්ධන මහතා පක්ෂයක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වන ආකාරය ගැන තීන්දුවක් ගන්නේ එම සාකච්ඡා නිම වූ පසුව බව සඳහන් කළේය.

සියලු පක්ෂ සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසුව ගන්නා තීන්දුව කෘත්‍යාධිකාරී මණ්ඩලයත් සමඟ සාකච්ඡා කොට එහි අනුමැතිය ද ලබාගෙන අවසානයේ  රටටත් පාක්ෂිකයන්ටත්  නිල වශයෙන් දැනුම් දෙන බව කී විජයවර්ධන මහතා  එක්සත් ජාතික පක්ෂයේ අරමුණ සියලු පක්ෂ එකතු කරගෙන එක්සත්ව එක ගමනක් යාම බව සඳහන් කළේය.