
(සුජිත් හේවාජුලිගේ)
ලංකා පිඟන් සංස්ථාව ලංකා ඛනිජ වැලි සමාගමට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් කෝටි පනහකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
ලංකා පිඟන් සංස්ථාව ලංකා ඛනිජ වැලි සමාගමට 2012 වර්ෂයේ සිට ගෙවිය යුතු රුපියල් කෝටි තිස් අටකට වැඩි මුදලක්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු වර්ග හයක් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් කෝටි දොළහකට වැඩි මුදලක්ද මෙසේ ගෙවීම පැහැර හැර ඇති බව එම වාර්තාවේ දැක්වේ.
මේ අතර බංගදෙනිය කම්හල පිහිටි ඉඩමේ ගොඩනැගිලි කඩා ඉවත් කර තිබුණද අක්කර හතක ඉඩම කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. එසේම එම කම්හලේ ඉඩම් හා ගොඩනැඟිලි ඇතුළු වත්කම් දීර්ඝ කාලයක සිට ප්‍රයෝජනයට ගෙන නැතැයිද එම වාර්තාව සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ලංකා පිගන් සංස්ථාවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය.මෙම වාර්තාව පාර්ලිමේන්තුවට පසුගිය 17 වැනිදා ඉදිරිපත් කෙරිණ.
2025 නොවැම්බර් මස 04
526
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2253
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1686
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පිඟන් සංස්ථාවෙන් ආයතන දෙකකට කෝටි 50 ක පොල්ලක්
රම්බොඩ Monday, 23 June 2025 04:13 PM
ලෝකෙ තියෙන හොඳම පිඟන් මැටි තියෙන රටේ, ඉතා දියුණුවට තිබුණු පිඟන් සංස්ථාව ඇතුළු ආයතන කීයක් නම් වැසී ගිහින්ද ? ගරු සිරිමාවෝ මැතිණිය දියුණු කළ සියල්ල අනිත් පාලකයින් විනාශ කර දැම්මා.