
(අංජුල මහික වීරරත්න)
විපතට පත් ජනතාවට ලබා දීමට පකිස්ථාන රජයෙන් පරිත්‍යාග කරන ලද මානුෂීය අධාර බහාලුම් තොගයක්ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් ෆාහීම් උල් අසීස් ( Major General ( R) Faheem ul Aziz) මහතා විසින් කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී ( CICT) නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට බාර අද(15) දුන්නේය.
විශේෂ නෞකාවකින් එම ආධාර ශ්‍රී ලංකා වරායට අද රැගෙන ආවේය.
රජය වෙනුවෙන් එම මානුෂීය ආධාර බාර ගැනීමට වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහත්වරු පැමිණියහ.
අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක්, කිරිපිටි සහ ප්‍රතිශක්ති වර්ධක ආහාර වර්ග, කූඩාරම්, බ්ලැන්කට්, මදුරු දැල් , ඇඳ ඇතිරිලි , ජල පොම්ප සහ තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් ද මේ මානුෂීය ආධාර අතර වේ. තව ද විදුලිය නොමැති කඳවුරු වල හා නිවෙස් වල අවතැන් වී සිටින ආපදාවට ලක්ව ඇති ජනතාවගේ ප්‍රයෝජනයට ගැනීමට හැකි ආලෝක පහන් තොගයක් මීට ඇතුළත්ය.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පකිස්ථානයෙන් ආධාර නැවක් එයි