IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


පක්ෂ විපක්ෂ නායකයෝ එක්ව ඉෆ්තාර් සමරති

(අංජුල මහික වීරරත්න) 

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ජාතික ඉෆ්තාර් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ  ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ජාතික සංහිඳියාව උදෙසා ආශිර්වාද  කිරීම ද මෙහිදී සිදුවිණි.

ජාතික සමගිය ඇති කිරීම වෙනුවෙන් ඉස්ලාම් බැතිමතුන් පසුගිය දශක ගණනාවක සිට සක්‍රිය දායකත්වයක් ලබා දී ඇති  බවත්  එය අනාගතය සඳහාත් ගෙන යමින් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට දායක වන ලෙසත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී ඉස්ලාම් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේය.
ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස කාලයේදී අධ්‍යාත්මික ශක්තිය වර්ධනය වනවා සේම ජාතීන් අතර සහජීවනය ඇති කිරීමට ද එය ඉවහල් වන බව  අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී ආගමික දේශන සිදු කළ මවුලවිතුමන්ලාට සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතින් සිදු විය. 
හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් වන අලී සබ්‍රි, නසීර් අහමඩ්, විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසාමිල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන,  රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, ඒ.එච්.එම්. ෆවුසි, එච්.එම්.එම්. හරීස්, එම්.එස්. තවුෆික්, අලී සබ්‍රි රහීම්, එස්.එම්.එම්. මුෂාරෆ්, යදාමිණි ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක  මහත්වරු සහ විදෙස් තානාපතිවරු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (7)

පක්ෂ විපක්ෂ නායකයෝ එක්ව ඉෆ්තාර් සමරති

fairoos Wednesday, 19 April 2023 12:58 PM

නන්දසේන ඉන්නකොට මේවා තිබ්බේ නැහැ... අන්තිමට රටත් නන්නත්තාර කරලා එයත් නන්නත්තාර වෙලා ගියා.

:       0       4

BamunuarachchiFriday, 21 April 2023 07:31 AM

නන්දසේන සිංහල බෞද්ධයෙක් . එයා පිහිටෙව්වේ සිංහල බෞද්ද චන්දවලින් පත් උන ආණ්ඩුවක්. හබයින්ට කත් අදින එවුන් එයා සමග හිටියේ නැහැ. අපි සදහටම හම්බ විරෝදී.

:       0       3

achini Wednesday, 19 April 2023 03:04 PM

මුසල අගමැතියව දකින්නත් අප්පිරියයි.

:       1       4

BamunuarachchiFriday, 21 April 2023 07:28 AM

එහෙනම් ඇස්දෙක පොට්ට කරගන්න. හම්බයෙක් අගමැතිවෙනවා දකින්නද ආසා?

:       0       1

මහී Wednesday, 19 April 2023 04:29 PM

පසුපසින් තියෙන්නේ බදු සල්ලි නේද අපේ මුස්ලිම් මිතුරනේ ඔබ හා කහටක් නෑ හිතේ නාකි දේශපාලන හැතිකරේ පැන්නිය යුතුය හැකි ඉක්මනේ...

:       2       2

Bamunuarachchi Friday, 21 April 2023 07:26 AM

සංහිඳියාව ඇති වෙන්න ඕනේ අපෙන්. අපිට උඹලා සමග සංහිඳියාවක් නැත.

:       0       2

Bamunuarachchi Friday, 21 April 2023 07:35 AM

මහී කොහෙන්ද බොල මුස්ලිම් මිතුරන් ආවේ? ඔහෙලා වගේ ගොයියෝ නිසා තමයි හම්බසෙට් එක මෙරටේ සිංහලයාගේ ඉඩකඩම් අත්පත් කරගෙන අපේ සිංහල දරුවන්ගේ අනාගතය නැති කරන්නේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 36 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 168 0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
2025 මැයි මස 09 32 0

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට
2025 මැයි මස 09 64 0

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9


ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 09 121 0

විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.


මන්ත්‍රී යෝජනා 5ක් සම්මතයි
2025 මැයි මස 09 412 0

පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 26 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1292 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site