IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පකිස්ථාන මහ කොමසාරිස්- සුව ඇමති හමුවක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙහි දී ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර දීර්ඝකාලීන සමාජ, ආර්ථික, අධ්‍යාපන, ක්‍රීඩා සහ දේශපාලන සබඳතා පිළිබඳවත්,  සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සංචාරක හා වෛද්‍ය සංචාරක ක්ෂේත්‍රයන්ට අදාළ කටයුතු ඉදිරියේ දී තව තවත් වර්ධනය කර ගැනීම  පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

එමෙන්ම දෙරටෙහි සංස්කෘතිකාංග ඇතුළත් මාධ්‍ය වැඩසටහන් හුවමාරු කර ගැනීම සහ රුපවාහිනී ක්ෂේත්‍රයේ විචිත්‍රාංග සහ ටෙලි නාට්‍ය හුවමාරු කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී පුළුල් අවධානයක් යොමු කෙරිණි.

ඉහත සියලු ක්ෂේත්‍ර වල පකිස්ථාන රජයේ සහාය ශ්‍රී ලංකාව‍ට නොමඳව ලබාදෙන බවට පකිස්ථාන මහ කොමසාරිස්වරයා මෙහිදී සහතික විය.



අදහස් (0)

පකිස්ථාන මහ කොමසාරිස්- සුව ඇමති හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site